Back to Blog

ලොව ප්‍රථම ගෝලීය පක්ෂි විශේෂ ලැයිස්තුව එළිදකී

Binali Rajapakshe
ලොව ප්‍රථම ගෝලීය පක්ෂි විශේෂ ලැයිස්තුව එළිදකී

කුරුළු වර්ගීකරණය ප්‍රමිතිගත කිරීම සහ ගෝලීය පර්යේෂණ සහ සංරක්ෂණයට සහාය වීම සඳහා ලොව ප්‍රථම ඒකාබද්ධ ගෝලීය පක්ෂි විශේෂ පිළිබඳ ලැයිස්තුවක් 2025 ජූනි 12 වන දින ප්‍රකාශයට පත් කොට තිබේ. එය AviList ලෙස නම් කරන ලදී.

AviList හි සදහන් පරිදි පක්ෂීන් විශේෂ (Containing) 11,131ක්, උප විශේෂ ( Subspecies) 19,879ක්, ගණ (Genera) 2,376ක්, පවුල් ( families )252ක් සහ වර්ගීකරණය (Orders) 46ක් මෙම නව පිරික්සුම් ලැයිස්තුවේ ඇතුලත් වේ.

AviList will split Hudsonian Whimbrel (Numenius hudsonicus) to become a species in its own right, rather than a subspecies of Whimbrel (Numenius phaeopus) © Look.animalia/Shutterstock

මෙම සොයා ගැනීම සඳහා පක්ෂීන් සහ ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීමට උත්සාහ කරන රාජ්‍ය නොවන සංවිධානවල ගෝලීය හවුල්කාරිත්වය වන BirdLife International, Cornell Lab of Ornithology, American Ornithological Society, International Ornithologists' Union (IOU) සහ Avibase යන නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායම විසින් වසර හතරක් මේ සදහා කටයුතු සිදු කොට තිබේ.

While Whimbrel will now be recognised as Eurasian Whimbrel (Numenius phaeopus) on AviList’s unified global checklist of bird species © P_vaida_Shutterstock

මෙම නව ලැයිස්තුව ජාත්‍යන්තර පක්ෂි විද්‍යා සම්මේලනය (IOC) සහ Clements lists මගින් වාර්ෂිකව යාවත්කාලීන කිරීම සිදු කරයි.

ගෝලීය වශයෙන් පක්ෂීන් වර්ගීකරණ කිරීම සඳහා ලැයිස්තුවක් සම්මත කිරීම මගින් පක්ෂීන් සංරක්ෂණයට ප්‍රතිලාභ එක් කර දෙන අතර, විවිධ වෙනත් ලයිස්තු නිසා පවතින ව්‍යාකූලත්වයන් සහ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගැනීම මෙහි අරමුණ යි.

මේ පිළිබඳව අදහස් දක්වමින් BirdLife හි ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ස්ටුවර්ට් බුචාර්ට් පවසන්නේ එය පක්ෂී විද්‍යාඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සංරක්ෂණවාදීන්ට කුරුළු ව්‍යාප්තිය, පරිසර විද්‍යාව සහ සංරක්ෂණ ප්‍රමුඛතා පිළිබඳ පොදු අවබෝධයක් ලබා ගැනීමට පහසු කරනු ඇති බවයි.

කුරුළු ලෝකයේ දැවැන්ත සන්ධිස්ථානයක් ලෙස AviList විසින් දියත් කරන ලද මෙම නව ලැයිස්තුව https://www.avilist.org/ හි නොමිලේ ප්‍රකාශයට පත් කර ඇති අතර එය අන්තර්ජාලය මගින් සම්පූර්ණයෙන්ම බාගත කිරීමට දැන් ඔබට හැකි වනු ඇත.