2025.09.20 දින ගල් කොරියකින් පහළට ඇදවැටී තුවාල ලැබූ කඳුකර කොටියෙක් මුදා ගැනීමට වනජීවි නිලධාරීන් සමත්වී තිබේ.
ගොදුරක් පසුපස හඹා ඇවිත් අඩි 60ක් පමණ ඉහළ සිට ඇදවැටී තිබෙන කඳුකර කොටියා එහි වතුර වළක් මත සිටියදී බේරාගෙන ඇත.
ආගරපතන, හෝල්බෘෘක් ප්‍රදේශයේ ගල්කොරියක වැටී සිටියදී එම ගල්කොරියේ අයිතිකරු විසින් ඒ බව ආගරපතන පොලීසියට දන්වා ඇති අතර ඉන් අනතුරුව නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් මෙම කොටියා මුදා ගැනීමට කටයුතු කර තිබේ.
රන්දෙණිගල පශු ව්‍යෛ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් පැමිණ තුවාල ලබා සිටි කොටියා මුදාගෙන ප්‍රතිකාර ලබාදීම සඳහා උඩවලව පශුවෛද්‍ය රෝහල වෙත යවා තිබෙන අතර පශු වෛද්‍යවරයා කියා සිටියේ එලෙස තුවාල ලැබූ කොටියාගේ පසුපස පාදවලට දැඩි ලෙස තුවාල සිදු වී ඇති බවයි.