Back to Blog

අරලගංවිල දී අතරමං වූ අලි පැටවා වනජීවී නිලධාරීන් විසින් මුදාගැනේ

Editor
අරලගංවිල දී අතරමං වූ අලි පැටවා වනජීවී නිලධාරීන් විසින් මුදාගැනේ

උපුටා ගැනීම සහ මුල් අයිතිය -මනම්පිටිය නිමල් ජයරත්න මහතා

පොළොන්නරුව අරලගංවිල 503 කලාපයේ මාදුරුඔය ප්‍රදේශයේ පසුගිය 03 වැනිදා සවස අශ්‍රි රංචුවකින් අතරමං වී මී ගව රංචුවක් සමඟ සිටි අවුරුද්දක් පමණ වයසැති අලි පැටියකු පිඹුරත්තෑව වන ජීවි කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් මුදාගෙන ඇත.

එම පැටියා යළිත් අලි රංචුවට නිදහස් කිරීමටද ඔවුහු කටයුතු කොට ඇති අතර මෙම අලි පැටියා රෑනෙන් තනිව 503 කලාපයේ මී ගවයන් රංචුවක් සමඟ සැරිසරමින් සිටියදී ඒ බව දුටු ගොවි මහතෙකු පිඹුරත්තෑව වනජීවී නිලධාරීන් දැනුවත් කොට ඇත.

වහා ක්‍රියාත්මක වූ පිඹුරත්තෑව වන පිවි නිලධාහු ප්‍රදේශයට ගොස් මී ගව පැටවුන්ගේ රංචුවෙන් නිදහස් කරගත් අලි පැටියා පැය තුනක පමණ මෙහෙයුමකින් පසු මාදුරු ඔය රක්ෂිතයේ සිටි අලි රංචුව වෙත නිදහස් කිරීමට කටයුතු කළහ.

පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ප්‍රවිෂ් පෙරේරා, සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ. වික්‍රමරත්න ඇතුළු වනජීවි නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.