Back to Blog

කොටසේ වතු නිවාස ආසන්නයේ සැරිසැරුවේ කොටියක් ද?

Editor
කොටසේ වතු නිවාස ආසන්නයේ සැරිසැරුවේ කොටියක් ද?

තොරතුරු - Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙන්...

ඊයේ (19 ) දින මධ්‍යම වනජීවී කලාපයේ තලවකැලේ කොටගල ස්ටෝනික්ලිෆ් වතුයායේ SK කොටසේ වතු නිවාස ආසන්නයේ උදෑසන හඳුන් දිවියකු දැක කොටියකු ලෙස වැරදි ලෙස හදුනාගැනීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තාවයක් විමර්ශනය කිරීම සඳහා නුවරඑළිය හක්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලීය නිලධාරීන් ස්ථාන පරීක්ෂණයක් සිදු කල. එහිදී එම කැලෑ බිළාලයා හඳුන් දිවියකු බවත්, ආසන්නයෙන් ගලායන ජල පහර ආශ්‍රිතව ජීවත් වන බවත් වනජීවී නිලධාරීන් විසින් ජනතාව වෙත පැහැදිලි කර දුන්නා.

May be an image of 3 people and treeMay be an image of dragonfly

එසේම එම සත්වයාට කරදරයක් නොවන ආකාරයෙන් අවට පරිසරය එලි පෙහෙලි කිරීමටත් ජනතාවගේ ආරක්ෂාවට අවශ්‍ය උපදෙස් ස්ථානීය දනුවත් කිරීමක් මගින් සිදු කලා.