අනුරාධපුර අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් අනුව පසුගිය 11 වන දින කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තම්මැන්නාගොඩ රක්ෂිත ප්‍රදේශය ආවරණය වන පරිදි මුර සංචාරයක් සිදුකෙරුනි.

එහි දී දඩයක්කරුවන් විසින් හක්කපටස් යොදාගෙන වල් ඌරෙකු මරා මස් කර තිබූ අතර සැකකරුවන් දෙදෙනෙකු වනජීවී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු දීර්ඝ කාලයක සිට සතුන් මරා ඇති බවට නිලධාරීන් විසින් සිදුකළ විමර්ශන අනුව තහවුරු විය. සැකකරුවන් සහ නඩු භාණ්ඩ එළඹෙන 19 දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.
වල් ඌරු මස් සන්තකයේ ලබා ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය කිරීම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.

නියං සමය තුළ මෙවැනි වනජීවී අපරාධ නිරන්තයෙන් සිදුවන අතර වනජීවී නිලධාරීන් විසින් සිදුකරන වැටලීම් ඉහළ දමා තිබෙන අතර දන්නා තොරතුරු 1992 හදිසි දුරකථන අංකයට ලබා දීමෙන් මෙවැනි දඩයක්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇත.
මෙම වැටලීම වනසත්ව අඩවි සහකාර එම්.ඒ.කේ.එස්. දිසානායක මහතාගේ මූලිකත්වයෙන් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළා.