Back to Blog

තුවාල වී සිටි මව් කෙනෙරකට ප්‍රතිකාර

Editor
තුවාල වී සිටි මව් කෙනෙරකට ප්‍රතිකාර

Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙනි


හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 150 - පුලියන්කඩවල ග්‍රාම නිලධාරි වසමේ නාම්බාකඩ ප්‍රදේශයේ කෙනෙරක් තුවාල වි සිටින බවට ලද තොරතුරකට අනුව පසුගිය 23 වන දින වනජීවී නිලධාරින් එම ප්‍රදේශයට ගොස් පරික්ෂා කොට තිබේ.

එහිදි නාම්බාකඩ වැට් පිටිය ප්‍රදේශයේ දි ඉදිරිපස දකුණු පාදයේ හා පිටුපස දකුණු පාදයේ ආබාධ සහිතව ගමන් කරන උස අඩි 09 ක් පමණ වන වයස අවුරුදු 35 ක පමණ ගැහැණු වන අලියෙකු හා උස අඩි 03 අගල් 06 ක් පමණ වු අවුරුදු 01 ක් පමණ වයසැති පිරිමි වන අලි පැටවකු නිරික්ෂණ වී තිබේ. එහිදී පණ්ඩුලගම වනජවී පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය ඩබ්.එල්.යු.මදුවන්ති මෙනවිය ඇතුළු පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් පැමිණ මව් කෙනෙරට ප්‍රතිකාර කලා. ඉදිරිපස දකුණු පාදයේ හා වම්පස දකුණු පාදයේ අස්ථි බිදි යාමක් හේතුවෙන් මෙම කෙනෙර මෙලෙස අබාධයට ලක් වි ඇති අතර පශු වෛද්‍ය නිර්දේශය පරිදි තුවාල වි සිටින කෙනෙරට ආහාර හා ජලය ලබා දිම සිදු කල අතර පසුගිය 24 වන දිනද මෙම කෙනෙර හා පැටවා පිලිබදව වනජීවී නිලධාරීන් පරික්ෂාවෙන් රැදි සිටියා.

May be an image of rhinoceros and elephant

පසුදින (25 ) අලුයම කාලයේදි නාම්බාකඩ ඉස්වැටිය කුඹුරු යාය ප්‍රදේශයේ මෙම මවි කෙනෙර වම් ඇලයට වැටි සිටි අතර එම වැටි සිටි මව් කෙනෙරට හා පැටවාට ආහාර හා ජලය ලබා දිම දිගටම සිදු කලා. පසුව පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් පැමිණ මව් කෙනෙරට ප්‍රතිකාර කල අතර පැටවා එම ස්ථානයේ රදවා තබා ගෙන ප්‍රතිකාර කිරිමේ කටයුතු සිදු කිරිම අපහසු බැවින් එදින පැටවා පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය කාර්යාලය වෙත ගෙන ගිය අතර පසු දින එනම් 26 වන දින වැටි සිටි මව් කෙනෙරට ආහාර හා ජලය ලබා දිම වනජීවී නිලධාරින් විසින් සිදු කල අතර දැඩි හිරු රෂ්මිය හේතුවෙන් මව් කෙනෙරට ආවරණයක් සකස් කර රැදි සිටි අතර, එදින ද පණ්ඩුලගම වනජවී පශු වෛද්‍ය තුමිය ඇතුළු නිලධාරින් පැමිණ මෙම මව් කෙනෙරට ප්‍රතිකාර කිරීමට කටයුතු කොට තිබේ.

අද දින මේ වන විටත් වනජීවී නිලධාරින් එම ස්ථානයේ වැටි සිටින මව් කෙනෙරට ආහාර හා ජලය ලබා දෙමින් හා අවශ්‍ය කටයුතු සිදු කරමින් එම ස්ථානයේ රැදි සිටින බව වැඩිදුරටත් සදහන් වේ.

May be an image of 5 people, rhinoceros and elephant