LLLF Media Team
R.W.N. Wega Sithumi Rajapaksha
ඩොල්ෆින් සමුද්‍ර රාජධානියේ ජීවත් වන බුද්ධිමත්ම සත්වයින් ගෙන් එක් අයෙක් ලෙස ප්‍රසිද්ධය. ඩොල්ෆින් මත්ස්‍යයන්ට ඕනෑම ආකාරයේ මත්ස්‍යයෙකු ලෙස මනරම් ලෙස වතුර හරහා පිහිනා යා හැකි නමුත් මොවුන් මාලු විශේෂයකට එහා ගිය සාගර ක්ෂීරපායි සත්ව විශේෂයකි. එම නිසා ඔවුන්ව තල්මසුන්, සීල් සහ මැනේටි වැනි අනෙකුත් සුප්‍රසිද්ධ සමුද්‍ර ක්ෂීරපායීන්ගේ ශ්‍රේණිවලට ඇතුළත් කරයි.

ඩොල්ෆින් මාළුන් තම පෙනහළුවල ඇති වාතයෙන් 80%ක් එක් එක් හුස්ම ගන්නා විටදී හුවමාරු කරගන්නා අතර මිනිසුන්ට හුවමාරු කළ හැක්කේ 17%ක් පමණි. සාගර ක්ෂීරපායීන්ට ඔවුන්ගේ පෙනහළු, රුධිරය හා මාංශ පේශිවල ඔක්සිජන් ගබඩා කිරීමේ ලොකු හැකියාවක් ඇත. මේ සියල්ල ඔවුන්ගේ ශරීරයේ ඔක්සිජන් වඩාත් කාර්යක්ෂමව උපයෝගී කිරීමට උදව් කරන බැවින් බොහෝ විශේෂයන්ට දිගු කාලයක් කිමිදීමට ඉඩ සලසයි.
තල්මසා වගේ ම ඩොල්ෆින් මාළුවාත් කිරි බොමින් වැඩෙන අසූහයක් පමණ වූ සෙටාසෙයා ක්ෂීරපායී සත්ව වර්ගයා අතරින් එක් විශේෂ වර්ගයකි .මොවු න්ගේ වරල් මුලින් සතර ගාත හැටියට තිබෙන අතර පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස පසුව වරලේ හැඩය ගෙන ඇත. ඒ බව මොවුන්ගේ කළල් පරීක්ෂාවෙන් පෙනේ. උන්ගේ වරල් සමකාකාර මිස වෙනත් මසුන්ගේ මෙන් ලම්බාකාර නොවන්නේ එම නිස යි. උන් වරල් සලන්නේ උඩ සිට පහලට මිස පැත්තෙන් පැත්තට නොවේ. වෙනත් මාළුන් ට වගේ ඌට කරමල් නැතියෙන් ඌට ජලය යට දී හුස්මගත නොහැකි වන අතර හුස්ම ගැනීම පිණිස උන්ට නිතර ජලය මතු පිටට පැමිණීමට සිදුව ඇත. වෙනත් මාළුන් මෙන් ඩොල්ෆින් මාලුවා බිත්තරයකින් බිහි නොවෙයි.

ඩොල්ෆින් මාළුන් ශබ්ද නිකුත් කරලා ඒවාට ඇහුම්කන් දෙන විදිහ නිරීක්ෂණය කර, ශබ්ද තරංග නිකුත් කරන හරියාකාරව සංකීර්ණ උපකරණයක් හදන්න පර්යේෂකයන් සමත් වුණී.. ඒක අඩි 3.3ක් දිග සිලින්ඩරාකාර උපකරණයක් වේ . එය ජලය යටින් යන මිසයිලයක හැඩයක් තිබෙන තවත් උපකරණයකට සවි කරලා මුහුදු පතුල නිරීක්ෂණය කරන්න යැව් බව සදහන් වේ . මුහුදු පතුලේ වැලි යට සැඟවි තියෙන බට, කේබල් වැනි දේවල් ළඟට යන්නේ නැතුව දුර තියාම ඒවා පරීක්ෂා කරන්න එය උදව් වෙයි. තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයටත් මේ තාක්ෂණය උදව් වෙන බව කියලා මේ උපකරණය හදපු අය හිතන බව සදහන් වේ . දැනට තිබෙන මේ වගේ උපකරණවලට වඩා ඩොල්ෆින් දිහා බලලා සකසපු උපකරණයට තොරතුරු රාශියක් රැස් කරන්න පුළුවන් වෙයි. එම නිසා දිය යට ස්ථානගත කරන්න අවශ්‍ය කිසියම් උපකරණ ඒවාට සුදුසුම තැන ස්ථානගත කිරීමට කාර්මික ශිල්පීන්ට එය උපකාරවත් වෙයි.
ඒ වගේම ඒ උපකරණ පලුදු වුණොත්, උදාහරණයක් වශයෙන් ජලයේ තෙල් ලිං හාරන උපකරණ රඳවලා තියෙන ආධාරකයක පුංචි කෙස් ගහක් ලෙස පිපිරීමක් තිබුණත් මේ තාක්ෂණය හරහා ඒක හොයාගන්න පුළුවන්. ඒ වගේම සාගරය යට තියෙන බටයක අවහිරයක් තිබුණොත් ඒක තියෙන තැනත් හොයාගන්න මෙම තාක්ෂණය උදව් වෙයි .
සී ශෙෆඩ් සංවිධානය විසින් සැප්තැම්බර් 12 වන දින ලෝක ඩොල්ෆින් දිනය ලෙස පත් කල බව නිවේදනය කලේය . මෙය ඈත ඉතිහාසයේ සටහන් වූවන්ගෙන් විශාලතම ඩොල්ෆින් විනාශය සිදු වූ දිනයේ (1428 ක් ඩොල්ෆින් මාළුන් වළල් දුපත් වලදී මරා දැමූ) එක් වසරක් පිරෙන දවස වෙනුවෙන් සිදු කරනු ලැබෙයි .

මෙම දිනය, එම ඩොල්ෆින් මාළුන් මරණයන් පිළිබඳ සන්සුන් සීමාවක් ලෙසත්, ලොව පුරා ඩොල්ෆින් මාළුන් ට වඩාත් ආරක්ෂාවක් අවශ්‍ය බව මිනිසුන්ට මතක් කිරීමක් ලෙස පවත්වාගෙන යනු ලබයි .
Reference- https://dots.eco/environmental-day/world-dolphin-day-2025/