Back to Blog

සෆාරියේ මුවාවෙන් වන සතුන් දඩයමේ ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor
සෆාරියේ මුවාවෙන් වන සතුන් දඩයමේ ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙනි...


විල්පත්තුව ජාතික උද්‍යාන⁣යේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයට පසුගිය (06) වන දින ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ වනජීවි නිලධාරින් විල්පත්තු ජාතික උද්‍යාන මූලස්ථාන නිලධාරීන් හා ඒකාබද්ධව මුර සංචාරක් සිදුකළ අතර එහිදී රූකඩවැව ප්‍රදේශයේ දී බඳින තුවක්කු දෙකක් සන්තකයේ තබා ගනිමින් දඩයමක් සඳහා ඇටවීමට කටයුතු කළ පුද්ගලයෙක් ඇතුළු දඩයම් සඳහා භාවිතා කරන ඊයම් බෝල (උණ්ඩ) අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම සැකකරු සංචාරකයන් ප්‍රවාහනය කරන ජීප් රථ රියදුරෙක් වශයෙන් රැකියාව සිදු කරන බව විමර්ශනවලදී අනාවරණය විය.

May be an image of 6 people and textMay be an image of fishing rod

මෙම සැකකරු එළඹෙන 11 දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

වනසතුන් දඩයම් කරන මෙවන් මස් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වනජීවි නිලධාරීන් විසින් නිරන්තරයෙන් වැ⁣ටලීම් සිදු කරන අතර ⁣ඔබත් දන්නා තොරතුරු 1992 හදිසි දුරකථනයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

May be an image of longan

මෙම ඒකාබද්ධ වැටලීම විල්පත්තුව ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ආර්.ඒ.ඩී.ඩී.සමරනායක මහතාගේ උපදෙස් අනුව කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ සහ විල්පත්තු ජාතික උද්‍යාන මූලස්ථානයේ වනජීවී නිලධාරීන් විසින් සිදුකොට තිබුණි.