වන සතුන්ගේ, මිනිසාගේ සහ පරිසරයේ යහපැවැත්ම වෙනුවෙන් වනාන්තර සුවිසල් කාර්ය භාරයක් ඉටු කරයි. පසුගිය සියවසේදී, අපේ පෘථිවියේ සෑම තැනක්ම වනාන්තරවලින් වැසී තිබුණ ද අද වන විට ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු ගණන් කළ හැකි ප්‍රමාණයේ වනාන්තර කිහිපයක් පමණයි. එය ඉතාමත් ඛේදජනක තත්ත්වයකි.

තරගකාරී ලෝකය තුළ දිනෙන් දින වැඩි වන මිනිස් ජනගහනය කෘෂිකාර්මික, කාර්මික, වාණිජ, නාගරීකරණය ආදී අරමුණු සහ මිනිස් අවශ්‍යතාවයන් සඳහා වන විනාශය ඉතාමත් සීග්‍ර මට්ටමින් සිදුවෙමින් පවතී.
වන විනාශය යනු ගොවිතැන් කිරීම, නගර ඉදිකිරීම සහ ගෘහ භාණ්ඩ සෑදීම වැනි මිනිස් ක්‍රියාකාරකම් සඳහා ගස් කපා වනාන්තර එළි පෙහෙළි කිරීමයි. මින් බහුතරයක් දැනට සිදුවන්නේ ඇමසන් වැසි වනාන්තරයේ බව සදහන්වේ.
වන විනාශය හේතුවෙන් සතුන්ගේ වාසස්ථාන අහිමි වීම, සතුන් මිය යාම, පරිසර වෙනස්වීම්, සෘතුමය වෙනස්කම්, උෂ්ණත්වය ඉහළ යාම, පාරිසරික උණුසුම ඉහළ යාම, ගෝලීය උණුසුම, හරිතාගාර වායු බලපෑම වැඩි වීම, අයිස් තට්ටු සහ ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, ඕසෝන් ස්ථරය දුර්වල වීම, ඕසෝන් ස්ථරයේ සිදුර, මුහුදු සතුන් මිය යාම, කුණාටු, සුළි කුණාටු, ටයිෆූන්, ගංවතුර, නියඟය වැනි ස්වාභාවික විපත් ඇතිවීමේ අවදානම වැඩි වීම සහ පෘථිවියේ ජීවයේ පැවැත්මට ප්‍රමාණවත් වන තවත් බොහෝ සෘණාත්මක වෙනස්කම් ඇති වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට (UNFCCC) ලේකම් කාර්යාලය, වන විනාශයට ප්‍රධානතම හේතුව ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ කෘෂිකර්මාන්තයයි.

ලොව පුරා සිදුවන වන විනාශය ගත් කළ 2010 සිට 2020 දක්වා කාලය තුළ, ගෝලීය වශයෙන් වනාන්තරවල ශුද්ධ හානිය වසරකට හෙක්ටයාර මිලියන 4.7 කි. මෙක්සිකෝව , ඉන්දියාව , පිලිපීනය , ඉන්දුනීසියාව , තායිලන්තය , බුරුමය , මැලේසියාව , බංග්ලාදේශය , චීනය, ශ්‍රී ලංකාව , ලාඕසය , නයිජීරියාව , කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය , ලයිබීරියාව , ගිනියාව , ඝානාව සහ අයිවරි කෝස්ට් යන රටවලට ඔවුන්ගේ වැසි වනාන්තරවලින් විශාල ප්‍රදේශ අහිමි වී ඇති බව දත්ත වලින් පෙන්වා දෙයි. 2007 වන විට හයිටිය කැරීබියානු කාන්තාරයත් වනු ඇති බවට අනාවැකි පළ කර ඇති අතර,එහි දැනට ඉතිරිව ඇත්තේ පැවති වනාන්තරවලින් 1% කි.
1990 ත් 2005 ත් අතර කාලයේ නයිජීරියාවේද එහි කලින් තිබූ වනාන්තර 79% පමණ විනාශ කර ඇත. ඒ අනුව මෙම වන විනාශය හේතුවෙන් සමහර රටවල තියෙන මුළු වනාන්තර ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක්ම පසුගිය දශක කිහිපය තුළ අහිමි වෙලා තිබෙන බව මින් පැහැදිලි වෙයි.

එක්සත් ජාතීන්ගේ FAO ඇස්තමේන්තු කර ඇත්තේ සෑම වසරකම හෙක්ටයාර මිලියන 10 ක වනාන්තර කපා දමන බවයි.
ශ්‍රී ලංකාව තුල සිදුවන වන විනාශය පිළිබඳ කතාබහ කිරීමේදී පසුගිය වසර 100ක කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ ස්වාභාවික වන ආවරණය, ප්‍රතිශතයක් ලෙස ගෙන සළකා බැලීමේදී 80% සිට 16% දක්වා අඩු වී ඇති බව හෙළි වී තිබේ.
අද වන විට ලෝකයේ බොහෝ වන විනාශයන් සිදුවන්නේ නිවර්තන කලාප තුළය. නිවර්තන කලාපය පුරා වන විනාශ අනුපාතය තවමත් ඉහළ මට්ටමක පවතී. අදටත් නිවර්තන කලාපවල විශාල වනාන්තර ප්‍රදේශ අහිමි වෙමින් පවතී. මෙය විශේෂයෙන් ඛේදජනක වන්නේ මේවා ඉහළම ජෛව විවිධත්වයක් ඇති කලාප වන බැවිනි.
කෙසේ වෙතත් මෙකී වන විනාශය තුළින් සිදුවන ඒ බරපතල තත්ත්වය හඳුනාගෙන වන විනාශය අවම කිරීම අප සැමගේම වගකීමක් වන අතර අනාගත පරපුරට හරිත පරිසරයක් ලබාදීම වෙනුවෙන් සහය වීමට අද පටන් අප අදිටන් කර ගනිමු.