Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙනි
කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු වරට කොටින් වාර්තා වූ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේදුගල පැලැම්පිටිය ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලෙන් ආරම්භ කළ ජංගම පුස්තකාල වැඩසටහන හා කොටි මිනිස් ගැටුම අවම කරගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ 318 වන වැඩසටහන නැවත එම දහම් පාසලේදීම ඊයේ දින (28) පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට තිබේ.

එදිනම තවත් කොටි මිනිස් ගැටුම කළමනාකරණය පිළිබඳ වැඩසටහනක් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙම්මාතගම , අම්බලාව ග්‍රාම නිලධාරී වසමේ දී පැවැත්වීමට කටයුතු කළා.
කොටි මිනිස් සංසිද්ධි කොටි මිනිස් ගැටුමක් දක්වා වර්ධනය වීම වැළැක්වීම වෙනුවෙන් අවට ජනතාව දැනුවත් කිරීම හා ඔවුන් තුළ පරිසර සාක්ෂරතාව වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ
ඒ බව මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ ප්‍රදේශ හා ක්‍රියාත්මක නොවූ ප්‍රදේශ පිළිබඳව සංසන්දනාත්මකව බැලීමේ දී පැහැදිලිව හඳුනාගත හැකි ය.
මෙම වැඩසටහන් බුලත්කොහුපිටිය වනජීවී බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සංවිධානය කෙරුනි.