Back to Blog

මඩුවකු නිසා අවසන් ගමන් ගිය සොඳුරු පරිසරවේදීයා - ස්ටීවන් අර්වින්

Editor
මඩුවකු නිසා අවසන් ගමන් ගිය සොඳුරු පරිසරවේදීයා - ස්ටීවන් අර්වින්

මීට වසර  19කට පමණ පෙර ‘‘Crocodile Hunter ‘‘ ලෙසින ‍ලොව පුරා ජනප්‍රිය සතුන්ට දැඩි ලෙස ආදරය කල සුන්දර මිනිසෙක් සිටියේ. කාකි පැහැති කොට කලිසමකින් හා අත්කොට කමිසයකින් සැරසි බෙල්ල ලඟට වැවුනු අපිළිවෙල තඹ පැහැති කෙස් වැටියද සමගින් මේ මිනිසා සෑම විටම සිනහවෙමින් ප්‍රීතියෙන් සිටි පුද්ගලයෙකි. ඔහුගේ සෑම වීඩියෝවකම පාහේ ඔහු  දැවැන්ත කිඹුලන් සමග සර්පයන් සමග නැතිනම් වෙනත් සතකු සමග කරණ විවිධ වූ ක්‍රියාකාරකම් නියැලෙනු දැකිය හැකි විය.

The Irwin Family - Australia Zoo - Meet Steve, Terri, Bindi and Robert Irwin

ක්‍රොකඩයිල් හන්ටර් ලෙසින් හැඳින්වුව ද ඔහු දඩයක්කරුවකු නොවේ. ඔහු දැඩි ලෙස සතුනටද ආදරය කල සුන්දදර පරිසරවේදීයෙකි

ස්ටීවන් අර්වින් නම් වු මේ සුන්දර මිනිසා ලොව පුරා  ඇවිද යමින් සතුන් ගැන ලෝකයට කියන්නට ඔවුන්ට ආදරය කරන සැටි අන් අයට කියා දෙන්නට දැඩි වෙහෙසක් ගත්තේය. සිය කාළය මුදල් මෙන්ම ශ්‍රමය වැය කලේය.

ස්ටීවන් අර්වින් නම් මේ සුන්දර හිතැත්තා උපත බලන්නේ 1962 වර්ෂයේ පෙබරවාරී 22දා ඔස්ට්‍රේලීයාවේ මෙල්බන් හීදිය. සතුන්ට ඔහු දැක්වූ ලැදියාව ස්ටීවන් හට ලැබෙන්නේ පවුලෙනි. ඔහුගේ දෙමාපියන් විසින් කුඩා සත්වෝද්‍යානයක් පවත්වාගෙන ගිය හෙයින් කුඩා ස්ටීවන් හැදුනේ වැඩුනේ සිය පැටි විය මෙන්ම මුළු දිවියම ගෙවි ගියේ සතුන් සමගිනි. ඔහුගේ වයස අවුරුදු 6 උපන් දිනයට පියා තැගී දී ඇත්තේ අඩි 12ක් පමණ දිගු පිඹුරෙකි. වයස අවුරුදු 9යේ පමණ සිට ඔහු කිඹුලන් ඇල්ලීමට පුරුදු පුහුණු වුයේ මේ ස්ත්වෝද්‍යානයේදීය. තම පියාගේ පියවර පිටුපස යමින් ස්ටීවන් ද උරගයින් වෙත වැඩි කැමැත්තක් දැක්වීය.

1991 දී පවුලේ සත්වෝද්‍යනයේ භාරකාරත්වය ස්ටීවන් හට හිමි වන අතර ඔහු 1998 දී එය Australia Zoo ලෙස නම් කිරීමට පියවර ගත්තේය. මෙම සත්වෝද්‍යානය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ සතුන් නිදහසේ දිවි ගෙවන සත්වෝද්‍යානයක් ලෙසයි.

ස්ටීවන් ලොවපුරා විශේෂයෙන් සත්ත්වලෝලීන් අතර ජනප්‍රිය වුයේ ඔහු විසින් කළ “Crocodile Hunter“  නම් රෑපවාහිනි වැඩසටහන් මාලාව නිසයි. මෙහි පළමු කොටස ඔහු රෑගත කර ඇත්තේ ඔහු ගේ මධුසමයේදීය. පලමු වරට 1996 දී ප්‍රචාරය වු මෙම වැඩසටහන ඉතා ඉක්මනින් ලොව පුරා ජනප්‍රිය වූ අතරම පසුව එය ලොව බොහෝ රටවල විකාශය කෙරිණි. මෙම වැඩසටහන සඳහා ඔහු ලොව පුරා රටවල සංචාරය කළ අතර සිය සෑම වැඩසටහනකදීම ස්ටීවන් උත්සහ කලේ මිනිසා සතුන්ට දැක්විය යුතු ආදරය, කරුණාව පිළිබඳව ප්‍රේක්ෂකයාට අවබෝධයක් ලබා දීමටය.

The Crocodile Hunter' Steve Irwin is an unforgettable champion of wildlife  | Fox News

ඔහු අතින් නිමැවුනු සොබා දහම පිළිබඳව වු වැඩසටහන් රාශියක් ඇති අතර ඔහු ඒවායින් ඉපැයු මුදල් යෙදවුයේද පරිසරයේ හා සතුන්ගේ හෙට දවසේ සුබ සිද්ධිය උදෙසායි. ඔහු ඒ තරමට සතුන් හා පරිසරය සමග සිය බැඳිම ශක්තිමත් කරගෙන සිටියේය. ඒ මුදල් යොදවමින් ඔහු තමන් උපන් රටේ මෙන්ම වෙනත් රටවලද ඉඩම් මිලිදී ගත් අතර ඒවා යෙදවුයේ ඒ ඒ රටවල සිටින වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන්ට නිදහසේ ජීවත් වීමට හැකි නිදහස් භූමි ලෙස පවත්වා ගෙන යාමටය. මේ අපූරූ සුන්දර මිනිසා ශ්‍රී ලංකාවටද පැමිණ තිබෙන අතර “The Island Of Snakes“ නම් වැඩටහන ඔහු නිෂ්පාදනය කර ඇත්තේ  අප රට පාදක කරගනිමිනි.

ඔහු සතුව තිබු දක්ෂතාවය,ආකර්ෂණිය හැසිරීම, වැනි කරුණු නිසා ඔහුව අනුගමනය කරමින් මේ ක්ෂේත්‍රයට බොහෝ පිරිස් පිවිසිමද සිදු විය.

මේ අපුරු මිනිසාට සෑම විටම සතුන් කෙරෙහි ආදරයෙන් ක්‍රියාකල මිනිසාට සිය දිවිය නිමා කරන්නට සිදුවුයේ ද තමන් අපමණ අදාරය කල සතකු නිසාම වීමද දෛවෝපගත සිද්ධියකි. 2006 වර්ෂයේ සැප්තැම්බර මස 4 වන දින ඔහු ඔස්ට්‍රේලියාව අවට මුහුදේ ජීවත් වන මසුන් පිළිබඳව වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට එහි රෑගත කිරීම් සඳහා එක් විය. ඔහු එය නම් කර තිබුනේ ද “මුහුදේ මාරයෝ“ යන අදහස සහිතව “Ocean's Deadlest“ යන නිමිනි. එක් වරම ඔහු වෙත පිහිනා ආ අඩි 6ක පමණ මඩු මාළුවෙකු සිය වලිගයෙන් ඔහු ගේ පපු පෙදෙසට පහර දුන්නේය. කඩිනමින් ස්ටීවන්ව රෝහල් ගත කළද ඒ සොඳුරු මිනිසා තමන් වෙත කැඳවා ගැනීමට ඒ වන විටද දෙවියන් තීරණය කර තිබුණි.

ස්ටීවන් සිය පියාගේ පියවර පිටුපස ඇවිද ගියාසේම අද වන විට ඔහු ගේ පුතවන රොබට් ද පියාගේ පියවර අනුව යමින් සතුන් වෙනුවෙන් වැඩ කරමින් සිටියි.

ස්ටීවන් වැනි සුන්දර හදවත් ඇති මිනිසුන් මේ ලොවට වඩාත් අවැසිම කාලය් උදාව තිබේ. එවන් මිනිසුන් ලොව වැඩියනේ සිටි නම් මේ අපුරු ලොක්ය බෙහෙවින්ම සුන්දර වනු ඇත.

LLLF Media Team

නයනකේෂී විජේකෝන්.