නයනක රන්වැල්ල
LLLF Media Team
කඳුකරයේ පහළ කොටසට වන්නට ජීවත් වු කොටියෙකු පසුගඅය දා මද්දකට හසු විය.ඒ පල්ලෙකැලේ ප්‍රදේශයේ ආයෝජන කලාපයට ආසන්න ස්ථානයක දී ය.එම තොරතුර ලද සැනින් රන්දෙනිගල පශු වෛද්‍ය කාර්යාලයේ සහ දාගැවිල්ල බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරිහු ආදාළ ස්ථානයට ළඟා වුහ.
එම කොටියාගේ මද්ද වැටි තිබුනේ ගෙළ පෙදෙසට වු අතර කොටියා ආසන්නයට කිසිවෙකු සමීප වී නොසිටි බැවින් සත්වයා කළබලයට පත් වීමකින් තොරව නිරුපද්‍රිතව සිටිම සතා බේරා ගැනීමට විශාල රුකුලක් බවට පත් විය.
අපගේ වනජීවී කළමණාකරන සැලසුම්වල පවත්නා දුර්වලතා හේතුවෙන් මෙවැනි ඉතාම දුර්ලබ වඳවෙමින් යන සතුන් මදුවලට හසුවීම නිර්න්තරයෙන් සිදු වෙයි.අපගේ නිරීක්ෂණයන්ට අනුව නම් මෙම මඳු තබන්නේම කොටි ඉලක්ක කර බව පෙනෙන්නට ඇත.එසේ හසුවීමෙන් පසු සිරවීමට ලක්වන සත්වයා බේරාගැනීමේ සම්භාවිතාව ඉතාම අඩු ය.එයට හේතු වන්නේ මද්දකට හසුවු සත්වයා සමිපයට මිනිසුන් හා සුනඛයන් ගමන් කිරීම ය.එහිදි මෙම සතා දැඩි කලබලයකට පත් වන අතර ඒ හරහා දැඟලිම(එහිදි මද්ද තද වීම හේතුවෙන් අභ්‍යාන්තර ඉන්ද්‍රීයන්ට හානි වීම සිදු වේ.) හා අභ්‍යාන්තර නරක හෝමෝන පිට වීම හේතුවෙන් මරණය සිදු වීම වළක්වා ගත නොහැකි තත්ත්වයකට පත් වේ.එහෙයින් මෙවැනි සිදුවීමක් වාර්තා වු විගස ඒ ආසන්නයට යාම කිසිඳු පිටස්තර පාර්ශවයක් නොකළ යුත්තකි.එලෙසම යම් හෙයකින් කොටියා මද්ද කඩා ගතහොත් එලෙස සමිපයේ සිටින අයට එය මරණීය අනතුරක් වීමට ද ඉඩ ඇත.

වනජීවී නිලධාරින් පැමිණීමට ප්‍රමාද වීම ද ප්‍රබල හේතුවකි.මෙම කොටියාගේ සිද්ධිය සැලකීමේ දී එවැන් කාරණා අවම වීම එම සතා ජිවග්‍රහණයෙන් බේරි ගැනීමට ප්‍රබල රුකුලක් බවට පත් වු බව පෙනෙන්නට ඇත.
හැම ගම්මානයක පාහේ මද්දවල් සවි කිරීම හක්කපටස් තැබීම බඳින කඳන් සවඅ කිරීම වැනි වනජ අපරාධ කරන්නේ කවුද කියා සොයා ගැනීම අපහසු නැත.එහෙත් ඒ සඳහා විශේෂ බුද්ධි ඒකකයක් වනජීවීය සතු නොවීම කනගාටුවකි.
මෙවැනි වනජ අපරාධවලින් වන සතුන් බේරාගැනීම සම්බණ්ධයෙන් අප සතුව ද වගකීමක් ඇත.එහෙයින් මෙවැනි අපරාධයක් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම වනජීවී දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් දුරකතන අංකය වන 1992ට දැනුම් දීම ඉතාම වටිනා කාර්යයකි.
එම කොටියා නිර්වින්දනය කිරීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීමෙන් අනතුරුව වනාන්තරයට මුදා හැරීම සිදු විය.
මෙම වටිනා කටයුත්ත සඳහා රන්දෙණිගල පශුවෛද්‍ය ඒකකයේ වනජීවී පශු වෛද්‍ය අකලංක පිණිදිය, අඩවි ආරක්ෂක කොඩිතුවක්කු, අඩවි සහකාර කසුන් කුමාරසිරි, අඩවි සහකාර රඛිත සමරකෝන්, රියදුරු සමරකෝන් දාගැවිල්ල බීට්ටු කාර්යාලයේ වනසත්ව නියාමක බණ්ඩාර, බණ්ඩාර ධනුෂ්ක , ක්ෂේත්‍ර සහායක දුමින්ද , රියදුරු බණ්ඩාර යන නිලධාරීහු සම්බණ්ධ වුහ.
(තොරතුරු ලබා ගැනීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි)