සෑම වසරකම සංක්‍රමනික කාලය ආරම්භය සනිටුහන් කරමින් මුලින්ම මෙරටට පැමිනෙන පක්ෂි විශේෂ කිහිපයක් අගෝස්තු මස මුල් සතිය තුල පමණ කාලයේදී ශ්‍රී ලංකාව කරා පැමිනෙනු දැකිය හැකි වේ.
මේ අතුරින් බොහෝ වසරවල මුලින්ම මෙරටින් වාර්තාවන පක්ෂියා වන්නේ යුරෝපීය සිලිවටුවා (Common Sandpiper) වේ. සාමාන්‍යයෙන් අගෝස්තු මස මුල් සතියේදී මුලින්ම මෙරටින් වාර්තා වන මෙම සිලිවටුවා ඇතැම් වසර වලදී ජූලි මාසයේ දෙවන කොටසේදීම මෙරටට පැමිනෙන්නෙකි. පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදී ද මෙම පක්ෂියා වසර අවසානයේ පක්ශී පර්‍යටනික ඍතුව සඳහා මුල් වරට මෙරටට පැමිණීම වාර්තා වූයේ ජූලි මාසයේ අවසන් භාගයේදීය.

මෙසේ මුලින්ම පැමිනෙන පක්ශී විශේශ කිහිපය අතරින් රට අභ්‍යන්තරයට යන එකම විශේෂ වන්නේ මෙම සිලිවටුවාය. තෙත් සහ වියළි කලාපවල මෙන්ම ඉතා ඉහල කඳුකරයේ පවා හමුවන මේ පක්ෂියා නුවරඑලිය නගර මධ්‍යයේ තිබෙන තෙත්බිම් වලදී පවා දැකගත හැකිය. එමෙන්ම,කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි නාගරික තෙත්බිම් ගනනාවකදීත් මේ කාලයේදී පහසුවෙන් දැකගත හැකි වේ.
මේ නිසාම බොභෝ දෙනෙකුට සංක්‍රමනික පක්ෂින් පැමිනීම ඇරඹී තිබෙන බවට තිබෙන ප්‍රථම මෙන්ම ප්‍රධානම නිරීක්ෂණය වන්නේ මේ පක්ෂියාය.
නිරතුරුවම ශරීරයේ පසුපස කොටස උස්පහත් කිරීමේ නියැලීම ලාක්ෂණික වේ. නිතරම ක්‍රියාශීලී ලෙස ඔබ මොබ ගමන් කරමින් සහ ඇතැම්විට ටික දුරක් දිව යමින් සිටින නිසා දැක ගැනීම පහසු වේ. එමෙන්ම බොහෝවිට ජලාශ්‍රිත පරිසරවල හමු වූවත්,ජල මට්ටමට බැහැරව කල් ගත කිරීමත් විශේෂත්වයකි.
LLLF MedIa Team
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන