Back to Blog

භාතිය හස්ති රාජයා අවසන් හුස්ම හෙළයි...

Editor
භාතිය හස්ති රාජයා අවසන් හුස්ම හෙළයි...

මීට දින ගණනාවකට ඉහතදී වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 20 - 30 අතර වයසක පසුවූ භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙන බව වාර්තා වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් දලදාගම, පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දරා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට කටයුතු කළ අතර එම හස්තියාගේ මාංශ පේෂි දියවීම, රුධිර සංසරණයට ද බාධා එල්ලවීම හේතුවෙන් එම ඇතු ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පශු වෛද්‍යවරුවන් ඊයේ දිනයේ දී පවසා තිබුණි.

කෙසේ වෙතත් මුළු මහත් රටක් බලාසිටි එම හස්තිරාජයා හස්ති පරපුරේ තවත් එක් පුරුකකගේ අවසානය සනිටුහන් කරමින් මෙලෙස අවසන් ගමන් යයි.