Back to Blog

තිරසාර පාංශු සංරක්ෂණය සදහා දේශීය වශයෙන් ඇති අවශ්‍යතාවය

Editor
තිරසාර පාංශු සංරක්ෂණය සදහා දේශීය වශයෙන් ඇති අවශ්‍යතාවය

අපේ පෘථිවියේ සෞඛ්‍යය පවත්වාගෙන යාමට වැදගත් වන ක්‍රියාවලියක් ලෙස පාංශු සංරක්ෂණය හදුන්වාදිය හැකිය . ගොවියා ගොවිතැන් කටයුතු වලින් බලාපොරොත්තු වන අස්වැන්න පාංශු ඛාදනය හේතුවෙන් අවම විය හැකිය .

පාංශු ඛාදනය යනු , ඕනෑම භූමියක මතුපිට පිහිටි තට්ටුව ඒවා බිහි වූ ස්ථානයෙන් වෙන් වී වෙනත් ස්ථානයට ගමන් කොට නව ස්ථානයක තැන්පත් වීමයි.

පාංශු ඛාදනය ආකාර 2 කින් ඇතිවේ.

එනම්, භූ විද්‍යාත්මක ඛාදනය (සුළඟින් හා වර්ශාවෙන්) හා ත්වරීය ඛාදනය මගිනි .( මිනිස් කටයුතු නිසා පසේ සාරවත් බව නැතිවී යාමයි )

තවද පසේ සාරවත් බව හීනවීම , ලවණතාවය ඇතිවීම, ආම්ලිකතාවය ඇතිවීම ආදිය තුලින් පසේ සාරවත්වීම පහළ යයි.

* පසෙහි සාරවත් ම කොටස වන්නේ මතුපිට පසයි. මතුපිට පස ඉවත්ව යෑම පහත සඳහන් ආකාරවලින් සිදුවිය හැකි ය.

පසෙහි වැදගත්කම

● ප්‍රධාන වශයෙන්ම වර්ෂාවෙන් හා ගලා යන ජලයෙන් මතුපිට පස සේදී යයි.

● වියළි කාලවල දී දූවිලි ලෙස මතුපිට පස සුළඟේ ගසා ගෙන යයි.

● මුහුදු රළ මගින් වෙරළ මුහුදට සේදී යාම හෙවත් වෙරළ ඛාදනය ද පාංශු ඛාදනයකි.

● මිනිසාගේ වගා කටයුතු හා සංවර්ධන කටයුතුවල දී පංශු ඛාදනය බෙහෙවින් සිදු වේ.

● සතුන්ගේ පාදවල, අංවල හා කුරවල දැවටී පස ඉවත්ව යාම ද පාංශු ඛාදනයකි.

බෑවුම් සහිත ඉඩම්වල පාංශු ඛාදනය වැඩියෙන් සිදු වේ. බෑවුම් සහිත ඉඩමක ශාක වැස්මක් නොමැති වූ විට පාංශු ඛාදනය වඩාත් ශීඝ්‍රයෙන් සිදු වේ.

මෙම තත්ත්වය අවම කිරීම සදහා විවිධ උපක්‍රම භාවිතයෙන් පසේ සාරවත්භාවය ආරක්ෂා කිරීමට කටයුතු කරයි .

*මේ ලිපියෙන් අවධාරණය කරන්නේ තිරසාර පාංශු සංරක්ෂණය සදහා දේශීය වශයෙන් ඇති අවශ්‍යතාවයයි.

*ශ්‍රී ලංකාවේ පාංශු සංරක්ෂණය කෘෂිකාර්මික අනාගතය සහ පාරිසරික ස්ථායිත්වය සඳහා අත්‍යවශ්‍ය වේ. ජනතාවගේ සහ රජයේ එක්වූ ක්‍රියාමාර්ග මඟින් පාංශු විනාශය අඩු කර තිරසාර සංවර්ධනයක් ලබාගත හැකිය.

පස සංරක්ෂණය කරන ආකාර 3 කි

පාංශු සෞඛ්‍යය: එය වැදගත් වන්නේ ඇයි සහ එය ආරක්ෂා කරන්නේ කෙසේද | CABI BPP

1.යාන්ත්‍රික ක්‍රම

2.ජීවවිදයාත්මක ක්‍රම

3.කෘෂිකාර්මික ක්‍රම

මෙහිදී භාවිතා වන ප්‍රධාන යාන්ත්‍රික ක්‍රම කිහිපයකි.

1. වක්‍ර වගාව (Contour bunding):

බිම්වල වතුර ගලන ගමන් මාර්ගය වාරණය කරමින් වක්‍ර ආකාරයේ බැම්මක් සෑදීම. මෙය වතුර හා පස ගැලීයාම වළක්වයි.

2. ටෙරස් වගාව (Terracing):

කඳුකර බිම්වල පසුපසින් පියන (terrace) හැඩයකට විභජනය කර වගා කිරීම. වතුර ගලා යාම අඩු වන අතර පස රැඳී සිටීමට උපකාරී වේ.

3. පිළිවෙළින් වවීම (Strip cropping):

වෘත්තීය වශයෙන් භූමිය කොටස් කොටස් කර, විවිධ වගා වර්ග මාරු මාරුවෙන් වගා කිරීම. එයින් පසයේ සීරුමාරුව අඩුවේ.

4. ජල නියන්ත්‍රණ ජාල (Check dams / Drainage channels):

පස හා වතුර ගලා යාම අවම කිරීමට කුඩා බැරෑරුම්, වාරක හා ජල නාළිකා සකස් කිරීම.

5. බැම්මක් ඉදි කිරීම (Contour trenches):

වතුර රැඳී සිටීම සහ පස ගැලීයාම වලක්වීම සඳහා වක්‍ර හැඩයේ හෝ පාලිත ක්‍රමයකින් බිමේ තෙරස් ඉදිකිරීම.

වගාවට බාධාවක් වන සෝදා පාළුව – 'ජ්‍යෝෆ්‍රී බේකන්'

මෙහිදී භාවිතා වන ප්‍රධාන ජීවවිදයාත්මක ක්‍රම කිහිපයකි.

1. වනයෝජන (Afforestation & Reforestation)

- වැළලුනු වනාන්තර නැවත රෝපණය කිරීමෙන් මීදුම, පස ඛාදනය, හා වායු දූෂණය අවම කරයි.

2. ආවරණ භෝග (Cover Crops)

- කෘෂිකර්මයේ පස ආවරණය කිරීමට භාවිතා වන ශාක, පස ඛාදනය වලක්වා පරිසරය ආරක්ෂා කරයි.

3. ජීව විනාශක නියාමනය (Biological Pest Control)

- පළිබෝධ නියාමනය සඳහා ජීවීන් (උදා. පරභෝගීන්, කෘමි) භාවිතයෙන් රසායනික භාවිතය අඩු කරයි.

4. කෘෂි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය (Composting)

- කෘෂි අපද්‍රව්‍ය ජෛව පොහොර බවට පරිවර්තනය කිරීමෙන් පසය සෞඛ්‍යවත් කරයි.

5. සමන්විත කෘෂිකර්ම ක්‍රම (Integrated Farming)

- ගොවිපලක සත්තු, ශාක හා ජල සම්පත් හමුකර ක්‍රියාත්මක කිරීමෙන් ස්ථිර පරිසර පද්ධතියක් ඇති කරයි.

6. පසවල කාබනික ද්‍රව්‍ය වැඩි කිරීම

ජෛව පොහොර, පතුරු වැනි ද්‍රව්‍ය භාවිතයෙන් පසය සාරවත් කරමින් පරිසරය ආරක්ෂා වේ.

මෙහිදී භාවිතා වන ප්‍රධාන කෘෂිකාර්මික ක්‍රම කිහිපයකි.

1.අවම ප්‍රමාණයට බිම් සැකසීම

2.සමෝච්ච ඔස්සේ සිටුවීම

3.වසුන් යෙදීම

4.වරණීය වල් මර්දනය

5.කාබනික පොහොර භාවිතය

6.වන වගා

*මේ සදහා උපක්‍රම වශයෙන් ගොවි ක්ෂේත්‍රවල ජල හා පාංශු සංරක්ෂණ ක්‍රමවේදයන් ගොවීන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කිරීම.

*ජල හා පාංශු ආදර්ශන පැවැත්වීම.

*පාංශු සංරක්ෂණය පනත සවිබල ගැන්වීම කල යුතුය .

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් පාංශු සම්පත ආරක්ෂා කිරීම සහ තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් සෑම වසරකම දෙසැම්බර් 05 වන දින ලෝක පාංශු දිනය සමරනු ලැබේ. මෙම  දිනය සැමරීම පිළිබඳව ජාත්‍යන්තර පාංශු විද්‍යා සංගමය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට  2013 පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමුළුවේදී අනුමැතිය ලබාදී ඇත. එමෙන්ම, මෙම දිනය සැමරීම  2013 දෙසැම්බර් මස පැවති 68 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී  අනුමත කර ඇත. 2014 වර්ෂයේ ප්‍රථම පාංශු දින සැමරුම් උළලේ සිට ගෝලීය පාංශු හවුල්කාරීත්වය විසින් පාංශු විශේෂඥයින් සහ මේ පිළිබඳව ඇල්ම දක්වන පුද්ගලයන්ගේ එකමුතුවෙන් එතැන් සිට ගෙවීගිය සෑම වසරකම පාංශු සංරක්ෂණ කාර්යයන් සඳහා දායකත්වය ලබා දී ඇත.

ඒ අනුව, සෑම වසරකම විවිධ තේමා ඔස්සේ  ලෝක පාංශු දිනය ලොව පුරා සමරනු ලබයි. 2023 වසරේ ලෝක පාංශු දින තේමාව වන්නේ “පස හා ජලය ජීවයේ පදනමයි  ” යන්නයි.

Reference -

- Department of Agriculture – Sri Lanka

Provides guidelines on sustainable farming and soil conservation techniques.

🔗 [https://www.doa.gov.lk](https://www.doa.gov.lk)

- Land Use Policy Planning Department – Sri Lanka

Offers information on land management and conservation policies.

🔗 [http://www.luppd.gov.lk](http://www.luppd.gov.lk)

- Food and Agriculture Organization (FAO)

Features global best practices and case studies on soil conservation.

🔗 [https://www.fao.org/soils-portal](https://www.fao.org/soils-portal)

- University of Peradeniya – Faculty of Agriculture

Publishes research on soil conservation and sustainable agriculture.

🔗 [https://www.pdn.ac.lk](https://www.pdn.ac.lk)

- University of Ruhuna – Faculty of Agriculture

Provides studies and resources on soil management practices.

🔗 [https://www.ruh.ac.lk](https://www.ruh.ac.lk)

LLLG Media Team

R.W.N වේගා රාජපක්ෂ