Back to Blog

මේ හස්තියා බේරා ගැනීමට වහාම මැදිහත් වෙන්න

Editor
මේ හස්තියා බේරා ගැනීමට වහාම මැදිහත් වෙන්න

මේ හස්තියා පිළිබද අපි කිව්වේ පසුගිය ජුලි 07 වැනිදා.

පොළොන්නරුව වනජීවී කලාපයේ කලුන්දෑව වනජීවී ඒකකයට අයත් කණ්ඩලම වැව් රක්ෂිතය තුළ මාස තුනක පමණ තිස්සේ ඉතාම බරපතල ආසාදනයක් සහිතව සිටින මෙම හස්තියා ද අද වනවිට බරපතල අවධානමකට මුහුණ පා ඇත.

   

වෙඩි පහරක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබේ. භාතියසේම මෙම හස්තියා ද ඉදිරිපස බර ලබා දෙන්නේ එක් පාදයකට පමණී.සාමාන්‍යයෙන් හස්තියෙකුගේ ශරීර බරෙන් තුනෙන් දෙකක් ඇත්තේ ඉදිරි පස පාද දෙක මත ය. ඒ අනුව මෙම හස්තියා ඒ සමස්ත බර එක් පාදයකට පමණක් ලබා දීම හරහා එම පාදය ද ඉතා නුදුරේ ආබාධයකට ලක් වීමේ අවදානමක් පවති. වහාම ඒ ගැන සොයා බලා කටයුතු නොකළහොත් මේ හස්තියාගේ ජීවිතය ද භාතිය හා සමානම අවධානමකට පත් විය හැකි ය.

LLLF Media team

නයනක රන්වැල්ල