Pathum Bandara | PathumS WILD පිටුවෙන්
පද්ම කියන්නෙ භාතිය, සංඛ වගේ ඇත්තුත් එක්ක එකට හිටපු තවත් ලස්සන තරුණ ඇතෙක්.භාතියට වගේම ලස්සන දළ දෙකක් තිබුන මේ පද්ම ඇතාව අපි අන්තිමට දකිද්දි එයාගෙ ඒ ලස්සන දළ දෙකෙන් දකුණු පැත්තෙ දළය මුලින්ම කඩාගෙන තනි දළයෙක් වෙලයි හිටියෙ.ඊට පස්සෙ අවුරුදු කීපයක්ම මේ පද්ම ඇතාව අපිට දැකගන්න ලැබුනෙ නෑ.
කොහොමහරි ඔන්න අවුරුදු ගාණකට පස්සෙ මීට දින කීපයකට කලින් හරියටම කිවුවොත් පසුගිය 13 වෙනිද, කාවන්තිස්ස ඉන්න අලි රංචුව ගැන අපි හොයාබැලීමක් කරන අතරතුර අපිට දකින්න ලැබෙනව ටිකක් නුපුරුදු ඇතෙක්ව.එක දළයක් කොට එකක් ටිකක් දිග. ටිකක් ළංකරල පිංතූරයක් එහෙම අරගෙන බලද්දි ඒ ඉන්නෙ පද්ම ඇතා කියල අඳුනගන්නෙ එයාගෙ මූණ ඉස්සරහම, ඉස්සර ඉඳලම තියෙන වෙඩි ගැටෙන්.අපිට දැකගන්න නොලැබුන අවුරුදු දෙක තුනේදි එයාගෙ කැඩුන දළෙත් ටිකක් වැවිල.වම් දළෙත් ටිකක් ආයෙ කඩාගෙන.
කොහොමහරි ඒ විදිහට අවුරුදු ගාණකින් පද්මව දැකගන්න ලැබිච්ච එක ගැන සතුටු උනත් ඒත් එක්කම දැකපු දේත් එක්ක ඒ සතුට නැතිවෙලා ගියා.එයාටත් භාතියට වගේම වෙඩි වැදිල.ඉස්සරහ වම් කකුලෙ දණහිසට පහලින් බඳින තුවක්කුවක් නිසා ඇතිවුන වෙඩි පහරක්.ඇවිදින්නෙ ටිකක් අමාරුවෙන් කොර ගගහ.
ඒ වෙලාවෙ අපිට කැමරාවලින් බලද්දි පෙනුන විදිහට කාලෙකට කලින් වෙඩිල්ල වැදිල කකුල ගල් හන්දි වෙලා වගේ පෙනෙන්න තිබුනත් පසුව ඒ ඡායාරූප,වීඩියෝ සමීපව පරීක්ෂා කරල බලද්දි දැකගන්න ලැබුනෙ වෙඩිල්ල වැදුනු තුවාලය එතරම් පරණ එකක් නොවන බවත් ඉක්මනින් ප්‍රථිකාරයක් නොලැබුනොත් ඉදිරියේදී තත්වය බරපතල විය හැකි බවයි.
ඊට පසු දින දෙකේත් අපි මේ පද්ම ඇතා ගැන විමසිල්ලෙන් සිටියත් අපිට ඒ අලි රංචුවෙදි එයාව දැකගන්න ලැබෙන්නෙ නෑ.ඊට පසුව මේ වෙනකල් එයා ඉන්න තැනක් ගැන තොරතුරක් ලැබෙන්නෙත් නෑ.මේ පද්ම ඇතා පිළිබඳව ගල්ගමුව වනජීවී කාර්‍යාලය මේ වෙද්දි දැනුවත් වෙලා තියෙන්නෙ.ඒ නිළධාරීනුත් ඇතාව හොයාගන්න වෙහෙස මහන්සි වෙනව දැන්.
මේ වගේම පාදයකට වෙඩි වැදිල මීටත් වඩා අසාධ්‍යව හිටපු අග්බෝ ඇතාට ප්‍රථිකාර ලබාදීල සුවකරකරපු පණඩුලගම පශුවෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතාව මේ පද්ම ඇතාටත් ප්‍රථිකාර කරන්න යොමු කළ හැකිනම් එය වඩාත් සුදුසුයි කියල අපිට හිතෙනව.මේ වගේ තුවාල තියෙන සතුන් ගණනාවකට ප්‍රථිකාර කරල සුව කරල පළපුරුද්දක් ඔහුට තිබෙන නිසා මේ පද්ම ඇතාටත් නිසි ප්‍රථිකාරයක් ලබාදුන්නොත්, භාතිය ඇතාට සිදුවූ දේ නොවී සුව කරගත හැකි තත්වයක තවමත් ඇතා ඉන්න බවට ලොකු විශ්වාසයක් අපිට තියෙනව.
ඒ වගේම මේ විදිහට අලි ඇතුන්ට වෙඩි වැදිල තුවාල උනාට පස්සෙ එයාලව සනීප කරවගන්න කොච්චර දැඟලුවත් වැඩක් නෑ මේ විදිහට සතුන්ට වෙඩි තියන එක,වෙඩි වදින එක වළක්ව ගත්තෙ නැත්නම්.දැන් මේ පද්ම ඇතාට වැදිල තියෙන්නෙත් බඳින තුවක්කුවක වෙඩිල්ලක්.විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි සමහරු හිතන් ඉන්න විදිහට මේව මේ සමාජ මාධ්‍යයෙ පළකරපු ඇතාගෙ පිංතූර දැකල ඇතාව හොයන් ගිහින් මරන්න හිතන් තියපු වෙඩි නෙවෙයි.බඳින තුවක්කු ගොඩක්ම අටවන්නෙ දඩමසට ඌරො,මුවො වගේ සත්තු මරාගන්න.ඒවගෙ අලි ඇත්තු පැටලිලා වෙඩි වදිනව.සමහර වෙලාවල් වලදි පමණක් යම් අලියෙක් හෝ ඇතෙක් ඉලක්ක කරලම මේ විදිහට තුවක්කු බඳින අවස්ථාත් තියෙනව.ඒත් ඒ මෙයාලගෙ දළ ගන්න බලන් නෙවෙයි.ඒ අලියගෙන් හෝ ඇතාගෙන් තියෙන කරදරයක් හේතුවෙන් එයාව තුවාල කරන්න හෝ කල් ගිහින් මියයන විදිහට.
සාමාන්‍යයෙන් සමහර ගොවීන් උනත් අලින්ටත් වඩා ඇත්තුත් එක්ක ටිකක් තරහින් ඉන්නෙ.හේතුව ඇතා පහසුවෙන් දළය උපයෝගී කරගෙන අලි වැටවල් කැඩීමත් ඒ ඔස්සෙ අනිත් අලි රංචුත් වගා බිම් වලට පැමිණීමත් නිසා.ඒ නිසා ඔවුන් ඇත්තුන්ව විශේෂයෙන්ම ඉලක්ක කරල බරපතල තුවාල ලබල මාස ගානකින් මිය යන විදිහට කකුල් වලට වෙඩි තබන බව හෝ කඳන් බඳින බවත් අපිට දැනගන්න ලැබිල තියෙනව.මේකත් හේතුවක් වෙන්න පුළුවන් ඇත්තුන්ගෙ කකුල් වලටම වැඩිපුර වෙඩි වදින එකට.
ඒ වගේම අපි දැක්ක වනජීවී දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලල තියෙනව මේ අලි ඇත්තුන්ට ප්‍රථිකාර කරන්න උනන්දු කරවනව වගේම ඒ දේවල් වෙන එක වළක්වගන්න තුවක්කු බඳින,හක්කපටස් තබන අය ගැන තොරතුරු ලබාදෙන්න කියල.ඒත් ඒ දේවල් කරන මිනිස්සු ගැන තොරතුරු ලබාදුන්නත් ඒ වැරදි වලට ගහන්නෙ රු.50,000/= කට අඩු දඩයක්නම්,ඒක ගෙවල ආයෙමත් ඇවිත් ඒ වැරද්දම කරනවනම්, ඒ මිනිස්සු තමන්ගෙ ජීවිතත් අනතුරේ දාගෙන ඒව ගැන තොරතුරු ලබාදෙන එකෙන් වැඩක් තියෙනවද?
ඒ නිසා දෙපාර්තුමේන්තුවෙන්,රජය පැත්තෙන් මුලින්ම කරන්න ඕනෙ මේ වගේ වැරදි වලට දෙන දඬුවම් වැඩි කරන එක.බඳින තුවක්කුවක්,හක්ක පටස් එකක් එක්ක අහුවෙන මිනිහෙකුට,අලින්ට වෙඩි තියෙන මිනිහෙකුට අවුරුදු 3 කවත් සිර දඬුවමක්වත් දෙන්නෙ නැතුවනම් මේව අඩු කරන්න වෙන්නෙ නෑ කොහෙත්ම.හැමදාම අපිටත් වෙන්නෙ මේ දේවල් ගැන පෙන්න පෙන්න දෙපාර්තුමේන්තුවට බැන බැන ඉන්න තමයි.
තව දෙයක් මේ විදිහට වෙඩි වදින තුවාල වෙන අලි ඇත්තු ගැන ඉක්මනින් තොරතුරු ලැබෙන යාන්ත්‍රණයක් වනජිවී දෙපාර්ථමේන්තුවට තවමත් නෑ.අලි ඉන්න හැම පැත්තකම වගේ ප්‍රාදේශීය වනජීවී කාර්‍යාල තිබුනත් ඒ අයට මේ තොරතුරු හරියට ලැබෙන්නෙ නෑ හෝ ලැබෙන තොරතුරු ගැන හරි සොයාබැලීමක් සිදු කෙරෙන්නෙ නෑ.වැඩි හරියක්ම මේ වගේ සත්තු ගැන තොරතුරු ලැබෙන්නෙ තමන්ගෙ අතින් වියදම් කරගෙන ගිහින් අලි ඇත්තු හොයල බලන පුද්ගලයන් සහ වනජීවී ඡායාරූප ශිල්පීන් හරහා.ඒත් එහෙම තොරතුරු ලැබෙද්දි බොහෝවිට ඒ තුවාල බරපතල තත්වයට පත්වෙලා.ඒ නිසා වනජීවී දෙපාර්තුමේන්තුව පැත්තෙන් ඒ විදිහෙ යාන්ත්‍රණයක් සකසා ගැනීමත් ඉතා ඉක්මනින් සිදුවිය යුත්තක්.
කොහොම නමුත් මේ පද්ම ඇතාටත්, භාතිය ඇතාට සහ කණඩලමේ අලියාට සිදුවූ දේ සිදුවෙන්න නොදී හැකි ඉක්මනින් සොයා බලා ප්‍රථිකාරයක් ලබාදීම වනජීවී දෙපාර්තුමේන්තුව සතු වගකීමකි.ඇතාව සොයාගැනීමට හැකි සෑම උපකාරයක්ම ලබාදීමට අපත් උත්සාහ කරන අතර මේ දිනවල ගල්ගමුව ප්‍රදේශයේ අලි බලන්න හෝ ඡායාරූප ගන්න යන අයත් මේ ඇතා පිළිබඳව අවධානයෙන් ඉන්න.යම් තොරතුරක් තිබේනම් ගල්ගමුව වනජීවී කාර්‍යාලයට,RMJ බංඩාර අයියට හෝ මට හෝ ලබාදෙන්න.ඉක්මනින් මේ පද්ම ඇතාව හොයාගෙන ප්‍රථිකාරයක් ලබාදෙන්න මහන්සි වෙමු.