අද දිනයේ දී තවත් ඇතෙකු ගල්ගමුවේ දී වෙඩි තබා ඝාතනය කර ඇත. මේ දින කිහිපය තුළ සද්දන්ත හස්තීන් ගණනාවක් ඝාතකයන්ගේ ඉලක්ක බවට ගොදුරු වූ අතර මෙම හස්තීන්ගේ ඝාතන හමුවේ වත්මන් රජයේ ජනාධිපතිවරයා, පරිසර ඇමතිවරයා, වනජීවී අධ්‍යක්ෂක ප්‍රමුඛ ඉහළ බලධාරීන් දැඩි නිහඬ පිළිවෙතක් දැරීම කණගාටුවට මෙන්ම සත්ව හිංසනය පිටු දකින මෙරට සියලු දෙනාගේ අවධානයට යොමු විය යුතු කරුණකි. තවමත් නිදැල්ලේ සිටින මෙම හස්ති ඝාතකයන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් පරිසර පද්ධතියේ ජෛව විවිධත්වයේ සඳහා මෙරට සංචාරක විනිමය උපයා දෙන සම්පතක් ලෙස මෙම සද්දන්තයන් සුරැකීමට ජනාධිපතිවරයා ඇතුලු බලධාරීන්ට බල කරන්නටත් අලි ඇතුන් සුරැකීම සඳහා නිශ්චිත වැඩ පිළිවෙලක් උදෙසා වහා එකතු වීමත් අද දවසේ අපගේ ප්‍රධානතම වගකීම ලෙස අරමුණු කර ගනිමු.
LLLF Media Team
ප්‍රසන්න විජයසිංහ