මෙරට ස්වදේශිය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ‘ජයන්ට් ස්නේක්හෙඩ්’ (Giant Snakehead) නම් ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂය පාලනය කිරීමේ අරමුණින්, සංරක්ෂණ මෙහෙයුමක් ලෙස සංවිධානය කෙරුණු "දැදුරු ඔය Fishing Tournament 2025" මසුන් ඇල්ලීමේ තරඟය, පසුගියදා (20) දැදුරු ඔය ජලාශයේ දී අති සාර්ථක අන්දමින් නිමාවට පත් විය.
ධීවර අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම යටතේ, වයඹ පළාත් සභාවේ දායකත්වය ඇතිව, ‘ඇංග්ලින් ප්‍රජාව ස්පෝට් ෆිෂින් ක්ලබ්’, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), Clean Sri Lanka ආයතනය සහ ප්‍රදේශයේ ධීවර සමිති එක්ව සංවිධාන කළ මෙම ඓතිහාසික අවස්ථාව සඳහා, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් 1000කට අධික ක්‍රීඩා මසුන් අල්ලන්නන් (Anglers) පිරිසක් සහභාගී වූ අතර, දකුණු ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ සහභාගීත්වය ද විශේෂත්වයක් විය.
තරඟයේ ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, දැදුරු ඔය ධීවර ප්‍රජාව දිරිගැන්වීම සඳහා ධීවර දඬු 15ක් සහ රීල් 03ක් ඇතුළු වටිනා ධීවර උපකරණ කට්ටල ද ප්‍රදානය කෙරිණි.
මෙම වැඩසටහන, මෙරට අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.