Back to Blog

කබල්ඈයෙකුගේ මස් කිලෝග්‍රෑම් 1ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Editor
කබල්ඈයෙකුගේ මස් කිලෝග්‍රෑම් 1ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙන්

1992 හදිසි දුරකථනයට ලද තොරතුරක් අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කිලෝමීටර් 50ක් පමණ දුරින් වූ කිතුල්ගල ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදුකළ කරන ලදී. මෙම ප්‍රදේශයේ මාර්ග අබලන්වීම හේතුවෙන් යතුරුපැදිවල ගමන් කරමින් ලද තොරතුරු අනුව පසුගිය 23 වන දින ඉංඔයවත්ත ප්‍රදේශයට පිටත් වුණී.

එහිදී වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව දැඩි ලෙස ආරක්ෂිත ක්ෂීරපායි සතෙකු වන කබල්ඈයෙකුගේ මස් කිලෝග්‍රෑම් 1ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු ඊයේ (27) දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණී. ගරු මහේස්ත්‍රාත් විසින් රු.40000.00ක දඩ නියම වූ අතර තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක යි. මෙම වැටලීම බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරී ඉමේෂ් ගුණතිලක මහතා ඇතුළු වනජීවි නිලධාරීන් විසින් සිදුකරන ලදී.