2010 වසරේ දී රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති "ව්‍යාඝ‍්‍ර සමුළුවේදී" (Saint 12
Tiger Summit)ලෝක ව්‍යාඝ‍්‍ර දිනය ලෙස සෑම වසරකම ජූලි මස 29 වන දින සමරන බව ප්‍රකාශයට පත් කරන ලදී. මෙම සමුළුවේදී, ව්‍යාඝ‍්‍රයන් සිටින රටවල් 13 ක් වන බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, නේපාලය, රුසියාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් එක්ව 2022 වර්ෂය වන විට වනගත ව්‍යාඝ‍්‍ර සංඛ්‍යාව දෙගුණ කිරීම (Tx2 ඉලක්කය) සඳහා සම්මුතියකට පැමිණියේය.

අතීතයේ ව්‍යාඝ‍්‍ර උප විශේෂ ගණන නවයක් වූ අතර, බාලි, ජාවා සහ කැස්පියන් ව්‍යාඝ‍්‍රයන් වඳ වීම හේතුවෙන් එම ගණන උප විශේෂ පහකට සීමාවිය.
බෙංගාල ව්‍යාඝ‍්‍රයන් (Panthera tigris tigris): ප්‍රධාන වශයෙන් ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භුතානයේ දක්නට ලැබෙන, මෙය වඩාත්ම සංඛ්‍යාව වැඩි උප විශේෂයයි.
සයිබීරියානු ව්‍යාඝ‍්‍රයන් (Panthera tigris altaica): අමුර් ව්‍යාඝ‍්‍රයන් ලෙසද හැඳින්වේ, ඔවුන් විශාලම ව්‍යාඝ‍්‍ර උප විශේෂය වන අතර නැගෙනහිර රුසියාවේ සහ ඊසානදිග චීන වනාන්තර වල වාසය කරයි.
සුමත්‍රා ව්‍යාඝ‍්‍රයන් (Panthera tigris sumatrae): කුඩාම උප විශේෂය වන අතර, බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඉන්දුනීසියානු සුමත්‍රා දූපතේ පමණක් දක්නට ලැබෙන විශේෂයකි.
ඉන්දු - චීන ව්‍යාඝ‍්‍රයන් (Panthera tigris corbetti): මියන්මාරය සහ තායිලන්තයේ සමහර ප්‍රදේශවල වල වාසය කරයි.
මැලේසියානු ව්‍යාඝ‍්‍රයන් (Panthera tigris jacksoni): මැලේසියාවට ආවේනික වන අතර බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.
දකුණු චීන ව්‍යාඝ‍්‍රයන් (Panthera tigris amoyensis): බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර,ව න්තාර තුල ඉතා අල්ප සංඛ්‍යාවක් පමණක් ඉතිරිව ඇත.
ගෝලීය ව්‍යාග්‍ර ෆෝරමයේ සංගණනයට අනුව මේ වන විට ලොව වසන ව්‍යාඝ‍්‍රයන් ගේ සම්පූර්ණ ගහණය 5,600 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. විසි එක්වන සියවසට පෙර, ව්‍යාඝ‍්‍රයන් සංඛ්‍යාව 100,000 කට වඩා වැඩි වුනු නමුදු මේ වන විට ඔවුන්ගේ ග්‍රහණය සීඝ්‍ර ලෙස පහත යමින් පවතී. ව්‍යාග්‍රයන්ගේ පැවැත්මට ප්‍රධාන තර්ජන වන්නේ මිනිස් ව්‍යාප්තිය සහ වනාන්තර විනාශය හේතුවෙන් වාසස්ථාන අහිමි වීම සහ වනාන්තර ඛණ්ඩනය, සහ දත් සම් අස්ථි වැනි ශරීර කොටස් සඳහා නිරන්තර දඩයම් කිරීම, ව්‍යාග්‍ර සත්ව කොටස් සාම්ප්‍රදායික ඖෂධ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ද්‍රව්‍යයන්ය එමෙන්ම ව්‍යාග්‍රයන් යනු සුරතලුන් ලෙස නීතිවිරෝධී වනජීවී වෙළඳාමේ ඉහළ ඉල්ලුමක් ඇති සත්ව විශේෂයකි. ව්‍යාඝ‍්‍රයන්ගේ වාසස්ථාන විනාශයට යන විට මිනිස්-වනජීව ගැටුම් ද සැලකිය යුතු ලෙස වර්ධනය වේ.

මෙම සතුන් ආරක්ෂා කිරීම සඳහා ලොව පුරා සංරක්ෂණ ප්‍රයත්න බොහෝ සිදු කරනු ලබයි. ව්‍යාග්‍රයන්ගේ සංඛ්‍යාව දෙගුණ කිරීම අරමුණු කරගත් "Tx2" වැනි වැඩසටහන් නේපාලය වැනි රටවල ධනාත්මක ප්‍රතිඵල පෙන්වා ඇත. මෙම ප්‍රයත්න ව්‍යාග්‍රයන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම, දඩයම් කිරීම සහ නීති විරෝධී වෙළඳාම මැඩපැවැත්වීම සහ මිනිස්- වග ගැටුම් අවම කිරීම සඳහා ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ කටයුතු කිරීම කෙරේ අවධානය යොමු කරයි.
ගෝලීය ව්‍යාග්‍ර ෆෝරමයේ සංගණනයට අනුව මේ වන විට ලොව වසන ව්‍යාඝ‍්‍රයන් ගේ සම්පූර්ණ ගහණය 5,600 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. විසි එක්වන සියවසට පෙර, ව්‍යාඝ‍්‍රයන් සංඛ්‍යාව 100,000 කට වඩා වැඩි බුනු නමුදු මේ වන විට ඔවුන්ගේ ග්‍රහණය සීඝ්‍ර ලෙස පහත යමින් පවතී. ව්‍යාග්‍රයන් ගේ පැවැත්මට ප්‍රධාන තර්ජන වන්නේ මිනිස් ව්‍යාප්තිය සහ වනාන්තර විනාශය හේතුවෙන් වාසස්ථාන අහිමි වීම සහ වනාන්තර ඛණ්ඩනය, සහ දත් සම් අස්ථි වැනි ශරීර කොටස් සඳහා නිරන්තර දඩයම් කිරීම. ව්‍යාග්‍ර සත්ව කොටස් සාම්ප්‍රදායික ඖෂධ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ද්‍රව්‍යයන්ය. එමෙන්ම ව්‍යාග්‍රයන් යනු සුරතලුන් ලෙස වනජීවී වෙළඳාමේ ඉහළ ඉල්ලුමක් ඇති සත්ව විශේෂයකි. ව්‍යාඝ‍්‍රයන්ගේ වාසස්ථාන විනාශයට යන විට මිනිස්-වනජීව ගැටුම් ද සැලකිය යුතු ලෙස වර්ධනය වේ.

මෙම සතුන් ආරක්ෂා කිරීම සඳහා ලොව පුරා සංරක්ෂණ ප්‍රයත්න බොහෝ සිදු කරනු ලබයි. ව්‍යාග්‍රයන්ගේ සංඛ්‍යාව දෙගුණ කිරීම අරමුණු කරගත් "Tx2" වැනි වැඩසටහන් නේපාලය වැනි රටවල ධනාත්මක ප්‍රතිඵල පෙන්වා ඇත. මෙම ප්‍රයත්න ව්‍යාග්‍රයන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම, දඩයම් කිරීම සහ නීති විරෝධී වෙළඳාම මැඩපැවැත්වීම සහ මිනිස්- වග ගැටුම් අවම කිරීම සඳහා ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ කටයුතු කිරීම කෙරේ අවධානය යොමු කරයි.
LLLF Media Team
සුරංජීව කොඩිතුවක්කු
Graphics
LLLF Media Team
කවීෂා සදමිනී