LLLF Media Team
නයනකේෂී විජේකෝන්
ජේන් ගුඩොල් යනු අපූරූ ගැහැණියකි. තමන් මිනිසකු ලෙස ලැබු උත්පත්තිය වෙනුවෙන් ඇය උසස් අර්ථයක් දුන් ගැහැණියකි. ඇය සිය දිවිය කැප කර ඇත්තේ තමන්ගේ උපන් බිමෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈත අප්‍රිකාවේ වෙසෙන චිම්පන්සින් ගේ හෙට දවස වෙනුවෙනි. ඇය චිම්පන්සින් ගේ හැසිරීම අධ්‍යයණය කිරීම වෙනුවෙන් නව ප්‍රමීතින් පවා සකස් කලාය.

1934 දී එංගලන්තයේ ලන්ඩන් අගනුවරදි උපත ලද ජේන් මොරිස් ගුඩොල් සිය ළමා විය හා යොවුන් විය ගෙවා දැම්මේ එංගලන්තයේ ලන්ඩන් නුවර හා බොර්න්මවුත් ප්‍රදේශයේය. ඇගේ පියා ව්‍යාපරිකයකු මෙන්ම මොටර් රථ ධාවන ලෝලියකු වු මොටිමර් හබර්ට් ගුඩොල් වූ අතර අනවර්ථ නාමයකින් නවකතාකරණයේ නියැලි මාග්‍රට් මයිෆෑන්වේ ජෝසප් අගේ මව වුවාය. ඇයට ජූඩි නමින් සොයුරියක්ද වුවාය.
ජේන් කුඩා කල සිටම තමන් අවට වූ පරිසරය පිළිබඳව සංවේදී වු ඒ පිළිබඳව අවධානයෙන් පසු වූ දැරියක් වූවාය. ඇය ස්වදේශික පක්ෂින් හා සතුන් නිරීක්ෂණයට කළාය. ඇය තමන් නිරීක්ෂණය කරන දේ පිළිබඳව සටහන් ලිව්වාය, සිතුවම් ඇන්ඳාය. එමෙන්ම සත්ත්ව විද්‍යාව පිළිබඳව වූ පොතපත ගැඹුරින් අධ්‍යයණය කළාය. කුඩා ජේන්ට සිහිනයක් හා අරමුණක් විය. ඒ කවදා හෝ දිනක සතුන් පිළිබඳව අධ්‍යයණය සඳහා අප්‍රිකාවට යාමටය. ඇය සිය අධ්‍යාපණය සම්පුර්ණ කලේ පෞද්ගලික පාසලකිනි. 1952 දී ඇය උසස් පාසල් සහතිකය ලබා ගත්තාය. ඉන් පසුව ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ලේකම්වරියක ලෙස රැකියවක නියැලිනි. ඒ අතරම සිය සිහිනය වු දීර්ඝ අප්‍රිකානු සංචාරය සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණ ඇතිව ඇය ලන්ඩන් හී වාර්තා චිත්‍රපට සමාගමක ද සේවය කලාය. පසුව ඇය සිය මිත්‍රයකුගේ මාර්ගයෙන් කෙන්යාවේ දකුණු කිහන්ගෝප් වෙත ගිය අතර එය ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය.
එම ගමනේදී ඇයට නයිරෝබී හී කොරින්ඩන් කෞතුකාගාරයේ භාරකරු වූ ප්‍රසිද්ධ මාන විද්‍යඥයකු වූ ලුවි ලිකි හමුවිය. මේ හමුව හේතුවෙන් ජේන් හට ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කැණිම්වලට සම්බන්ධ වීමට අවස්ථාව උදා වූ අතර ඇයට චිම්පන්සින් සමග වන ගනුදෙණුව ආරම්භ වුයේද මෙහිදීය.ලවී ලිකි හට ප්‍රයිමේටාවන් අතරින් දෙවැනියට බුද්ධිමත් කොටස ලෙස සැලකෙන චිම්පන්සින් පිලිබඳව සමීපව නිරීක්ෂණයට අවශ්‍යතාවයක් විය. මේ සඳහා ඔහු අවස්ථාව ලබා දුන්නේ ජේන් ගුඩොල් හටයි. ඇයට ප්‍රථම උපාධියක් හෝ නොතිබිම පිළිබඳව විවිධ විරෝධතා එල්ල වුවද ඇයට ඒ අවස්ථාව හිමිවිය. ඒ අනුව ඇය 1960 ජූලී මාසයේදී සිය මව හා අප්‍රිකානු කෝකියකුද සමග ටැන්සානියාවේ ගොම්බේ රක්ෂිතයේ ටැන්ගානිකා විලේහි ඉවුරට පැමිණියාය.

චිම්පන්සින් සමග සමීප වීමට ජේන් ගත් පළමු උත්සහය අසාර්ථක එකක් විය. ඇයට ඒ අවස්ථාවේදී ච්ම්පන්සින් වෙත ලං වීමට හැකි වුයේ යාර 500 ත් පමණී. ඔවුන් ඇයට බියේ පලා ගියහ. එහෙත් ඇය උත්සහය අත් හැරියේ නැත. ඇය වඩා උපක්‍රමශීලි ඉවසිලිවන්ත තර්ජනාත්මක නොවන නිරීක්ෂණ ක්‍රමවේදයක් මේ සඳහා උපයෝගී කර ගත්තාය. ඒ අනුව ඇය චිම්පන්සින් අහාර ගන්නා කොකොම්බේ නිම්නයේ සෑම උදැසනකම එකම වේලාවට පෙනී සිටියාය. ඇයට ඔවුන්ට සමීප වීමට වසර දෙකක් පමණ ගත විය. දෙවසරක අවැම සිදු වෙද්දි චිම්පන්සින් ඇගේ අතින් කෙසෙල් ගෙඩි ගන්නා මට්ටමට ඇය එම සතුන්ගේ විශ්වාසය දිනා ගත්තාය. ඇය මෙම ක්‍රමවේදය හඳුන්වනු ලැබුවේ Banana Club ලෙසිනි. මෙම ක්‍රමවේදය යොදා ගනිමින් ඇය රක්ෂිතයේ සිටි බහුතරයක් චිම්පන්සින් සමග සුහද වුවාය.

ඒ අනුව ඇය චිම්පන්සින් පිළිබඳව බොහේ දේ උගත්තාය. එම සතුන්ට සංකිර්ණ සමාජ පද්ධතියක් ඇති බව, චාරිත්‍රාණුකූල හැසිරීම, ප්‍රාථමික නමුත් හඳුනාගත හැකි සන්නිවේදන ක්‍රම, තනි ශබ්ධ 20කට අධිකව ඇති ප්‍රාථමික භාෂා පද්ධතියක් ඇති බව, ඇය සිය නිරීක්ෂණ හරහා ලොවට හෙළි කළාය. එමෙන්ම ඇය සිය නිරික්ෂණ හරහා චිම්පන්සින් පිළිබඳව පුදුම හිතෙනා ආකරයේ විශ්මය ජනක හෙළිදරව්වක් ද කළාය. චිම්පන්සින් පිළිබඳව වූ පොදු මතය වුයේ එම සතුන් ශෘක භක්ෂක බවයි. එහෙත් ඇය සොයා ගත්තේ එම සතුන මාංෂ ද අනුභව කරන බවයි. මේ සඳහා මෙවලම් භාවිතා කරන බවත් ඇය සොයා ගත්තාය. එමෙන්ම ආයුධ ලෙසට ගල් විසිකරන බවත්, අනෙකා සානසීම සඳහා ස්පර්ෂය මෙන්ම වැළඳගැනීම් සිදු කරන බවත් ඇය සිය නිරික්ෂණ හරහා සොයා ගත්තාය.

1977 දී ඇය ගුඩොල් වනජීවි පර්යේෂණ අධ්‍යාපන හා සංරක්ෂණ ආයතනය බිහි කලේ චිම්පන්සින් වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්නට ඇති හෙයිනි. ඇය එම සතුන්ගේ හෙට දවස වෙනුවෙන් හඬ නගන්නට විය. ඇය මෙම සතුන් විවිධ වූ විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදා ගැනීම පිළිබඳව දැඩිව විරුද්ධ අතර ඇය පවසන්නේ ඒ සඳහා විද්‍යඥයින් විකල්ප සොයා ගත යුතු බවයි. එමෙන්ම තර්ජනයට ලක්ව ඇති වාවස්ථාන සංරක්ෂණය පිළිබඳවද ඇය බොහේ කාර්යයන් ඉටුකරමින් සිටියි. ඇය සෑම විටම මේවා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතකු කරමින් සිටින්නිය.

ඇය 1965 දී කේම්බ්‍රිජ් සරසවියෙන් පශ්චාත් උපාධියක් ලබා ගන්නේ විශ්ව විද්‍යාල ඉතිහාසයේ මුලීක උපාධියක් නොමැතිව පශ්චාත් උපාධිය දිනා ගත් අටවැන්නා වෙනමිනි. මේ සමගම ඇයගේ අධ්‍යාපණ සුදුසුකම් පිළිඳව වූ සැක සංකාද පහව ගියාය. ඇය ලොව සරසවි කිහිපයකම ගෞරවනීය මහාචාර්ය වරියක් ලෙසින් කටයුතු කර තිබේ. එලෙසින්ම ඇය පිළිබඳව වාර්තා චිත්‍රපට කිහිපයක් තැනී ඇති අතර ඇයව මුලින්ම ලෝකය හඳුනා ගත් “Miss Goodall and the Wild Chimpanzees “ වාර්තා චිත්‍රපටය නිෂ්පාදනයව කළේ ඇමෙරිකානු රූපවාහීනි ආයතනයක් විසිනි. එහි රූගත කිරීම් කලේ ඇගේ පළමු සැමියා විසින් වීමද විශේෂත්වයකි. ඉන් පසුවද ඇය පිළිබඳව විවිධ වු වාර්තා වැඩසටහන් නිෂ්පාදනය වී තිබේ.

එමෙන්ම ඇයව චිම්පන්සින් පිළිබඳව කෘති ගණනාවක් රචනා කර ඇති අතර කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ඇය ලියු The Chimpanzee Family Book කෘතිය සඳහා UNICEF/UNESCO සිංවිධාන විසින් 1989 වර්ෂයේ හොඳම ළමා කෘතියට හිමි සම්මායද පිරිනමා ඇත. එහිදි හිමිවු මුදල් යොදවා ඇය එම කෘතිය අප්‍රිකානු ස්වදේශීය භාෂා ගණනාවකට පරිවර්ථනය කර ළමුන් අතර බෙදා හැරීමට කටයුතු කලේ දරුවන් දැනුවත් කිරීම උදෙසාය. එමෙන්ම ඇය චිම්පන්සින් වෙනුවෙන් ඉටු කර ඇති කාර්යයන් උදෙසා විවිධ වු සම්මාන රාශියකින් පිදුම් ලබා ද තිබේ. 2003 දී ඇයට සිය උපන් බිම වු මහා බ්‍රිතාන්‍යයෙන් සුවිශේෂී සම්මානයක් හිමි විය. ඒ මහ රැජින ලබා දෙන ඩෙම් සම්මානයයි.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ - ප්‍රසිද්ධ චිම්පන්සි විශේෂඥයෙකු වන ආචාර්ය ජේන් ගුඩාල් අභාවප්‍රාප්ත වූ බවට ඇගේ නමින් ඇති ආයතනය The Jane Goodall Institute බදාදා (Oct.01) දින නිවේදනය කොට තිබුණී. ඒ වන විට ඇයට වයස අවුරුදු 91 කි.

ඩේම් ජේන් මොරිස් ගුඩොල් යනු සැබැවින්ම සුන්දර ආදරණිය හදක් ඇති අපූරු ගැහැණියකි. ඇය වැන්නියන් මේ මිහිතලයේ සුන්දරත්වයට අවැසිමය.