Back to Blog

සුවිශේෂ මසුන් වර්ග 8 කට වැඩි ගණනක් හඳුනාගනිමින් හම්බන්තොට වරාය සමුද්‍රීය ජෛව විවිධත්ව මධ්‍යස්ථානයක් වෙයි

Editor
සුවිශේෂ මසුන් වර්ග 8 කට වැඩි ගණනක් හඳුනාගනිමින් හම්බන්තොට වරාය සමුද්‍රීය ජෛව විවිධත්ව මධ්‍යස්ථානයක් වෙයි

උපුටා ගැනීම සහ මුල් අයිතිය - දිවයින

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ධීවර හා සාගර විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) ජලජ පරිසරය තුළ වධර්නය වෙමින් පවතින සමෘද්ධිමත් විශ්මයජනක ස්වරූපය අනාවරණය වී ඇත.
HIP හි ඇත්තේ කෘතිම දියකඩනයක් වුවද එහි කොරල්පර ඉල්ලම දැන් දකුණු කලාපයේ වැලිගම, පොල්හේන සහ තලරඹ වැනි ස්වභාවික ස්ථාන අභිබවා ගොස් ශ්‍රී ලංකාවේ කොරල්පර ආශ්‍රිත මත්ස්‍ය වර්ග විවිධත්වයෙන් වඩාත් ඉහළ ස්ථානයක් බවට පත්ව ඇත.

“ඇල්ගී ආක්‍රමණය ලොව පුරා දැඩි අවධානයක් යොමු වී ඇති ගැටලුවක් වන්නේ එය කොරල්පර යටපත් කරමින් පරිසර පද්ධතිවල වෙනස් කළ නොහැකි විපර්යාස ඇති කරන නිසා” යැයි අධ්‍යයනයට මූලිකත්වය දෙන සාගර විද්‍යාඥ ආචාර්ය එම්. එෆ්. එම්. ෆයිරෝස් මහතා පැහැදිලි කළේය. “නමුත් HIP හිදී අපි දකින්නේ එයට සම්පූර්ණ විරුද්ධ දෙයක්. ඒ බහුල ශාකභක්ෂක මත්ස්‍ය වර්ගයන්හි පැවැත්ම හේතුවෙන් කොරල්පර පිරිසිදුව, ඵලදායීව තබමින් සමබරව පැවැත්මට උපකාරී වන ආකාරයයි.”

මෙම ස්වාභාවික “පිරිසිදු කිරීමේ සේවාව” කොරල් ජනපද පුනර්ජනනය කිරීමට උපකාරී වන අතර එහි වි්‍යුහාත්මක සංකීර්ණතාව සහ පත්‍යස්ථිතිය ඉහළ නංවයි. අලංකාර මත්ස්‍ය අස්වැන්න සහ පෝෂක අතිරික්තය නිසා පීඩා විඳින කලාපයේ අනෙකුත් කොරල් ඉල්ලම්වලට වඩා HIP හි කොරල් ඉල්ලම මිනිස් බාදාවෙන් තොර, අපවිත්‍රවීම අඩු, සංකීර්ණ කෘතිම කොරල්පර ව්‍යුහයක් සහ සෞඛ්‍ය සම්පන්න ජල ප්‍රවාහයක් සහතික කරන විවෘත සාගර සම්බන්ධතාවයක් වැනි අද්විතීය සාධක කිහිපයක සංයෝජනයෙන් ප්‍රයෝජන ලබයි.

මෙම අනගි පරිසර තත්ත්වයන්, කුඩා විසිතුරු මත්ස්‍ය වර්ග මෙන්ම, වෘත්තීයට ගන්නා විශාල මසුන් සඳහා ද ඵලදායී ආහාර ජාලයක් නිර්මාණය කොට ඇත. හම්බන්තොට ජාත්‍යන්තර වරාය ප්‍රවේශයට අනන්‍ය වූ විශේෂිත මත්ස්‍ය වර්ග 8 කට වඩා මේ වනවිට හඳුනාගෙන ඇති අතර නිල් – කොළ ක්‍රෝමිස් (Chromis viridis), රෙඩ්ෆින් බටෆර්ලයි ෆිෂ් (Chaetodon Iunulatus), වැනි අලංකාර වර්ග මෙන්ම ට්‍රෙවල්ලි (trevallies), එම්පරර් (emperors) වැනි ආර්ථික වශයෙන් වැදගත් වර්ග සහ පොකිරිස්සන් ද ඒ අතර වේ. HIP කොරල් ඉල්ලම සාගර ජීවීන් බෝ කිරීමේ ස්ථානයක් විය හැකි බවට ඉඟිකරමින් ඒ අවට මසුන් අල්ලන ධීවරයන් හොඳ ප්‍රතිපල වාර්තා කොට ඇත