Back to Blog

ලොව කුඩාම කැළෑ බළලුන් විශේෂය ශ්‍රී ලංකාවෙත් ජීවත් වන බව ඔබ දන්නවාද ?

Binali Rajapakshe
ලොව කුඩාම කැළෑ බළලුන් විශේෂය  ශ්‍රී ලංකාවෙත් ජීවත් වන බව ඔබ දන්නවාද ?

කොළ දිවියා, ඉංග්‍රීසි භාෂාවෙන් Rusty spotted cat (රස්ටි ස්පොටඩ් කැට්) ලෙසත් සත්ව විද්‍යාත්මකව Prionailurus rubiginosus (ප්‍රියෝනයිලුරස් රුබිගිනෝසස්) ලෙසත් හැඳින්වෙන ශ්‍රී ලංකාව තුල වාසය කරන වන ආශ්‍රිත බිලාළ කුලයට අයත් සාමාජිකයන් සිව් දෙනාගෙන් කුඩාම සාමාජිකයා මෙන්ම ලොව වසන කුඩාම කැළෑ බළලුන් විශේෂයයි. පරිනත වැඩුණු සතකුගේ සිරුරේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 35-48 අතර වන අතර වලිගය සෙන්ටිමීටර 15-30 පමණ දිගු වේ. බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 900 සිට කිලෝග්‍රෑම් 1.6 ත් අතර වේ. මොවුන්ගේ ප්‍රමාණය ගෘහාශ්‍රිත බළලෙකුට වඩා තරමක් කුඩාය. හොඳින් වැඩුණු කොළ දිවියෙකු මාස තුනක් හයක් පමණ වයස වන දේශීය ගෘහාශ්‍රිත බළල් පැටකු පමණ වර්ධනය වේ.

No photo description available.

කොළ දිවියා හඳුනා ගැනීමේ ප්‍රධානම ලක්ෂණය වන්නේ ඔවුන්ගේ ලා දුඹුරු හෝ අළු පැහැති ලොම් මත ඇති මලකඩ පැහැති හෝ රතු දුඹුරු පැහැති ලප ය. උදරය සුදු පැහැති වන අතර කළු ලප කිහිපයක් දක්නට ලැබේ. කන් කුඩා වන අතර ඇස් වටා සහ කම්මුල් මත සුදු පැහැති ඉරි පිහිටා ඇත.

මොවුන් ප්‍රධාන වශයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල ව්‍යාප්ත වී සිටිති. වියළි පතනශීලී වනාන්තර, තෙත් සදාහරිත වනාන්තර, කඳුකර ප්‍රදේශ සහ තෘණ බිම් වැනි විවිධ වාසස්ථාන වල මොවුන් වාසය කරයි. මිනිස් ජනාවාස ආසන්නයේද මොවුන් නිරන්තරයෙන් දක්නට ලැබේ.

කොළ දිවියා නිශාචර සත්වයකු වන අතර. ඔවුන් සාමාන්‍යයෙන් තනි තනිව ජීවත් වේ. ගස් නැගීමට දක්ෂ වුවද, වැඩි වශයෙන් භෞමිකව ගැවසේ. මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මීයන්, කුඩා පක්ෂීන්, කටුස්සන්, කෘමීන් සහ ගෙම්බන් වැනි සතුන් ය.

කොළ දිවියා වඳවීමේ තර්ජනයට ලක්ව සිටීම මත ජාත්‍යන්තර ස්වභාවික සම්පත් සංරක්ෂණ සංගමය (IUCN) මොවුන් "තර්ජනයට ලක්වූ " (Near Threatened) සත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.

No photo description available.

කොළ දිවියා පිළිබඳ විශේෂ කරුණු කිහිපයක්:

* කොළ දිවියාගේ විද්‍යාත්මක නාමය වන Prionailurus rubiginosus යන්නෙහි අර්ථය "මලකඩ පැහැති නිය සහිත බළලා" යන්නයි.

* මොවුන් ඉතා සූක්ෂම ලෙස වනයේ සැඟවී සිටින සතුන් වන අතර, සොබාදහමේදී නිරීක්ෂණය කිරීම ඉතා අපහසුය.

කොළ දිවියා යනු අපගේ පරිසර පද්ධතිය තුල වැදගත් මෙහෙවරක් ඉටු කරන සතෙකි. මොවුන් සංරක්ෂණය කිරීම සඳහා මහජනයා ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වේ.

Picture Credits - Internet

LLLF Media Team

Suranjeewa Kodithuwakku