වනාන්තර අපගේ පරිසර පද්ධතියේ ඉතා වැදගත් කොටසකි.
පෘථිවිය තුළ ජීවය පවත්වා ගෙන යන ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් වනාන්තර මහගු කාර්යභාරයක් ඉටු කරන අතර වනාන්තර පෘථිවි ජීවින්ගේ පෙනහැල්ල සේ ක්‍රියාකරයි.
වන විනාශය යනු කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් එළි පෙහෙළි කිරීම හෝ ගස්වලින් දැව එකතු කිරීම ආදී විවිධ මිනිස් අරමුණු ඔස්සේ ගස් සමූහ වශයෙන් ඉවත් කිරීමයි. මෙය බොහෝ විට මිනිසුන් විසින් සිදු කරන නමුත් ගංවතුර, ලැවි ගිනි වැනි ස්වාභාවික ක්‍රියාවලීන් මගින් ද සිදුවිය හැක.

වන විනාශයට හේතු වන දේ කුමක් වුවත්, අවසාන ප්‍රතිඵලය සැමවිටම එක හා සමානය වේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ඇස්තමේන්තු කර ඇත්තේ වර්තමානයේ මිනිසුන් සෑම වසරකම වනාන්තර හෙක්ටයාර මිලියන 10 ක් පමණ විනාශ කරන බවයි.
වන විනාශය පෘථිවියේ වර්ධනය වන සියලුම ජීවීන්ට තර්ජනයක් වන අතර එය ඉතාමත් භයානක දේශගුණික අර්බුදයක් ද ඇති කරයි.
වන විනාශයේ බලපෑම් මිනිසුන්ට
වනාන්තර විනාශයේ ක්ෂණික බලපෑම් වලට ගොදුරු වන්නේ වනාන්තර අසල ජීවත් වන ජනතාවයි. කෙටි කාලීන ආර්ථික වාසි තකා මිනිසුන් වනාන්තරවලට හානි කරන විට එමගින් මිනිසාට ඇති වන දිගුකාලීන බලපෑම් මෙලෙස විමසා බලමු.
1. සෞඛ්‍යය
මිනිසුන් වනාන්තර විනාශ කරන විට, එම වනාන්තරවල වෙසෙන සතුන් ඒ අවට ජනාකීර්ණ ගම්මානවලට සංක්‍රමණය වීම තුළ මිනිසුන් සහ වනජීවීන් අතර පෙර නොවූ විරූ ආකාරයේ සම්බන්ධතා ඇති වනු ඇත . එය අස්වාභාවික පමණක් නොව ඉතාමත් භයානක ය. මෙයට හේතුව සතුන්ට මිනිසුන් හට රෝග කාරක පැතිරවිය හැකි බැවිනි.
එලෙස හටගන්නා රෝග අතර මැලේරියාව, චාගස් රෝගය (ඇමරිකානු ට්‍රිපනොසෝමියාසිස් ලෙසද හැඳින්වේ), අප්‍රිකානු ට්‍රිපනොසෝමියාසිස් (නිදි අසනීප), ලීෂ්මේනියාසිස්, ලයිම් රෝගය, එච්අයිවී සහ ඉබෝලා වැනි රෝග ඊට උදාහරණ කිහිපයකි.
දැනටමත් ඇමසන් වනාන්තරයේ සහ අප්‍රිකාවේ සහ අග්නිදිග ආසියාවේ සමහර ප්‍රදේශවල නිවර්තන වනාන්තර පුළුල් ලෙස ගිනි තැබීම් සිදුවෙමින් පවතින බැවින් , වනාන්තර මායිම්වල ජීවත් වන ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳව විශේෂඥයින් කනස්සල්ල පළ කර තිබේ . ඊළඟ බරපතල වසංගතය අපේ ලෝකයේ වනාන්තරවලින් මතු විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා තිබේ.
2.දේශගුණික විපර්යාස
වනාන්තරවල ගස් අහිමි වීම දේශගුණික ප්‍රතිවිපාක ඇති කළ හැකිය.
· පාංශු ඛාදනය
පාංශු ඛාදනය යනු වන විනාශයේ තවත් එක් ප්‍රතිවිපාකයකි. එය මිනිසාට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාමට, කෘෂිකාර්මික නිෂ්පාදනයට සහ පානීය ජලය ලබා ගැනීමට යන දෙකටම අහිතකර ලෙස බලපෑ හැකිය.
· ගංවතුර
වනාන්තර විනාශයේ අහිතකර බලපෑම් අතරට ගංවතුර තත්ත්වයන් ඇති වීම ඇතුළත් වේ.
· කාන්තාරකරණය
වන විනාශයෙන් මගින් මිනිසුන්ට සිදුවන එක් බලපෑමක් වන්නේ කාන්තාරකරණයයි. එය නම්, කලක් වාසයට සුදුසු ගස් තිබූ භූමිය හිස් වූ විට සහ එය ක්‍රමයෙන් කාන්තාර බවට පරිවර්තනය වේ.
වනාන්තර විනාශය තුළින් ගස් විනාශ වනවිට පස වැඩි උෂ්ණත්වයකට නිරාවරණය වේ. එවිට පස රත් වන අතර පසෙහි තෙතමනය නැති වීම මඟින් ජල චක්‍රයේ වෙනස් වීම් සිදුවනු ලැබේ.
එමඟින් සමහරක් කලාප වලට වර්ෂාපතනය ලැබීම සීමිත වන අතර තවත් සමහරක් කලාප වලට වර්ෂාපතනයක් නොලැබෙනු ඇත. එය කාන්තාරීකරණයට හේතු වේ.
· අයිස් කුට්ටි දියවීම
අයිස් කඳු දියවීම යනු වන විනාශයේ තවත් එක් බලපෑමකි. ධ්‍රැවීය ප්‍රදේශවල වන විනාශය අයිස් තට්ටු කැළඹීමට හේතු වේ. වනාන්තර විනාශය මගින් උෂ්ණත්වය ඉහළ යන අතර එමඟින් අයිස් තට්ටු දිය වීමත් සාගරයේ හෝ මුහුදු මට්ටම තවදුරටත් ඉහළ යෑමත් සිදු වනු ලබයි.
· ජල චක්‍රයේ වෙනස්වීම
ජල චක්‍රයේ සිදුවන වෙනස්කම් යනු වන විනාශයේ එක් බලපෑමකි. ගස් ඒවායේ මුල් හරහා භූගත ජලය උරාගෙන වායුගෝලයට මුදා හරියි. වනාන්තරයක විනාශ කළ විට මෙම ජලය තවදුරටත් සම්ප්‍රේෂණය නොකෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස
දැඩි උණුසුමක් සහිත වියළි දේශගුණයක් ඇති වන අතර වනාන්තර විනාශය පසෙහි සහ භූගත ජලයේ මෙන්ම වායුගෝලීය තෙතමනයේ ජල අන්තර්ගතය අඩු කරයි.
3.ආර්ථික බලපෑම
ආර්ථික බලපෑම් යනු වන විනාශය මිනිසුන්ට බලපාන තවත් එක් බලපෑමකි. ලෝක ආර්ථික සංසදයට අනුව, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩක් ස්වභාවධර්මය මත රඳා පවතී. සොබාදහම ප්‍රතිසංස්කරණය සඳහා වැය කරන සෑම ඩොලරයකින්ම අවම වශයෙන් ඩොලර් 9 ක ලාභයක් ලැබේ. 2008 දී බොන් හි පැවති ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය (CBD) රැස්වීමේ වාර්තාවකට අනුව, වනාන්තරවලට සහ සොබාදහමේ අනෙකුත් අංශවලට සිදුවන හානිය ලෝකයේ දුප්පතුන්ගේ ජීවන තත්ත්වය අඩකින් අඩු කළ හැකි අතර 2050 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය 7% කින් පමණ අඩු කළ හැකිය.
වනාන්තර විනාශය හේතුවෙන් වර්ෂාපතන රටාවන් වෙනස් කරයි. මෙය ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ගස් වැවීමට හා අස්වනු නෙළන කාලයන්ට බාධා කරයි. මෙය බෝග අස්වැන්නට බලපාන අතර එමඟින් කෘෂිකාර්මික නිෂ්පාදන අඩු වේ.

කෙසේවෙතත් මිනිස් අරමුණු උදෙසා සිදුවන වනාන්තර විනාශය හරහා වනාන්තර භූමි ගොවිපලවල් ලෙසත් පසු කලෙක එම ගොවිපලවල් සහ නාගරික ප්‍රදේශ බවටත් පරිවර්තනය වීම තුළ අනාගතයේදී නොවැලක්විය හැකි ගැටලුකාරී තත්ත්වයන් රැසකට මුහුණ දීමට සිදුවන බව මින් මනාව පැහැදිලි වේ.
එබැවින් මෙහි බරපතල තත්ත්වය වටහාගෙන පරිසරයට ආදරය කරන අනාගත පරපුරක් ගොඩනැගීම උදෙසා අප අද පටන් කටයුතු කරමු.