Back to Blog

මිය ගිය වන අලි සිරුරක් දහයියාගල රක්ෂිතයෙන් හමුවෙයි

Editor
මිය ගිය වන අලි සිරුරක් දහයියාගල රක්ෂිතයෙන් හමුවෙයි

මියගිය වන අලියෙකුගේ සිරුරක් තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී සොයාගෙන තිබෙනවා.

වනජීවි නිලධාරීන් විසින් අවස්ථා රැසක දී මෙම වන අලියාට ප්‍රතිකාර කටයුතු ද සිදුකර තිබේ. නමුත් එම අලියා මියගොස් තිබේ.

මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

LLLF Media Team