LLLF Media Team
බී.රාජපක්ෂ
චීනයේ යැංසි ගඟේ ජීවත් වන අවසාන විශාල සත්ත්ව විශේෂයක් වන "ගංගා ඩොල්ෆින්" නැතහොත් finless porpoise නම් සත්ත්වයා වඳවීමේ අවදානමක සිටින බවට විදෙස් මාධ්‍ය පවසයි.
ම නිසා මෙම කලාපයේ මසුන් ඇල්ලීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත් නැව්වලින් ඇති වන ඉතා ඝෝෂාකාරී ශබ්දය හේතුවෙන් එම සතුන්ගේ මොළයට සිදුවන හානිකර තත්ත්වයෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම සතුන් වඳවී යන බව චීන විද්‍යාඥයින් පෙන්වා දෙයි.
එසේ වුවත් මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය නෞකා සහ මධ්‍යම චීනයේ ආර්ථිකයේ වැඩි කොටසකට ජීවනාලිය සපයන කාර්යබහුල වූ ගංගා ගමනාගමනය කිසිසේත්ම නැවැත්විය නොහැකි බව ද විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරයි.