Back to Blog

වෙඩි තබා මරන ලද වන අලි සිරුරු දෙකක් වගා හේනකින් මතු වෙයි

Editor
වෙඩි තබා මරන ලද වන අලි සිරුරු දෙකක්  වගා හේනකින් මතු වෙයි

වෙඩි තබා මරා දමන ලද නාඹර ගැහැණු සතෙකු හා කුඩා අලි පැටියෙකුගේ සිරුරු දෙකක් හමු වී තිබේ.ඒ කහටගස්දිගිලිය, පැරකුම්පුර, වහගහපු වැව පිහිටි හේන් ඉඩමක තිබීය දී ය. පසුගිය (09) වෙනි දින අලි මළ සිරුරු සොයා ගෙන ඇත.

මෙම අලි දෙදෙනාම වෙඩි තබා මරා දමා ඇති බවට කහටගස්දිගිලිය පොලීසිය තහවුරු කරයි.

මරා දමා ඇති වනඅලි දෙදෙනාගේ එක් අලියෙක් වයස අවුරුදු 08ක් පමණ වන ගැහැණු සතෙක් වන අතර අනෙක් අලියා වයස් අවුරුදු 04ක් පමණ වන පිරිමි සතෙක් බවට හඳුනා ගෙන ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ගැහැණු වනඅලියා දින 15කට පෙරත්, පිරිමි වනඅලියා මාස එකහමාරකට පමණ පෙරත් මෙලෙස මරා දමා ඇති බවය.

වනඅලි සිරුරු සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලවැව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදු කර ඇත.

LLLF Media Team

නයනක රන්වැල්ල