LLLF Media Team
R.W.N. වේගා සිතුමි රාජපක්ෂ
ලොව එක් අවුරුද්දකට මරණ මි.1 ට වැඩි ගණනකට මදුරුවන් වගකිව යුතුය. සිකා, ඩෙංගු, කහ උණ ,මැලේරියාව එවැනි මාරාන්තික රෝග අතරින් කීපයක් ය. ගැහැනු ඇනෝෆිලස් මදුරුවා මැලේරියාව බෝ කරයි. වෛද්‍ය ශ්‍රී මත් රොනල්ඩ් රොස් 1987 දී ඒ බව සොයාගත්තේය. මෙම සොයාගැනීම හේතුවෙන් මැලේරියාව පාලනයට වුවමනා වැදගත් ක්‍රියාමාර්ග ගත හැකි වූවා .අගෝස්තු 20 ලෝක මදුරු දිනය සැමරෙන්නේ මේ නිසයි.
කෙටියෙන්ම කිවහොත් මදුරුවන් යනු මැලේරියාව වැනි රෝග බෝ කරන රැධිරය උරා බොන කුඩා කෘමි විශේෂයකි. මදුරුවන් ගෙන් සෑදෙන රෝග වලට තවදුරටත් එන්නත් සොයා ගෙන නැත.කෘෂිකර්මාන්තයේ මුල් සිටම නූතන ශිෂ්ඨාචාරය දක්වා මිනිස්සුන්ට පීඩා කිරීමට ආරම්භ කර පෞරාණික රෝගයක් වන මැලේරියාව ලොවටම දැඩි තර්ජනයකි. Plasmodium පරපෝෂිතයන් නිසා ඇති වුණ මැලේරියාව ෙඓතිහාසික පොත් වල තිබෙන්නේ ක්‍රි.පූ . පලමු ශහස්රය තරම් ඈත කාලයේදීය. මැලේරියා පරපෝෂිතයින්ගේ මුල්ම සලකුණු හමුවූයේ අවුරුදු මිලියන 30 කට වඩා පරණ මදුරු අවශේෂ වලිනි .

කෙසේවුව ද, මැලේරියාව තවමත් ලොවටම මිනිස්සුන්ගේ සෞඛ්‍යයට තර්ජනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව 2015 අවුරැද්ද තුලදී ලොව පුරා මැලේරියා රෝගීන් මිලියන 212ක්ද, මැලේරියා මරණ 429,000ක් ද වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව මේ වන විටත් මැලේරියාවෙන් තොර රටක් වුවත් වෙනත් රටවල කරා සංචාරය කිරීමේදී මැලේරියාව හදාගෙන නැවත අප රටට එන අය තවමත් වාර්තා වනු ඇත . 2015 වසරේදී මෙවැනි මැලේරියා ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබුණු අතර ඉන් වැඩි දෙනෙකු ආසාදනය වී තිබුණේ ඉන්දියාවේදී බව පවසයි.
නමුත් ඩෙංගු, සීකා, බලවා හා චිකුන්ගුන්යා ඇතුළු රෝගවාහක මදුරු බිත්තර සම්පූර්ණයෙන්ම දියකර දැමිය හැකි රසායනික ද්‍රව්‍යයක් නිපදවීමට ගම්පහ, බෙම්මුල්ල පරිසර විද්‍යා ඉංජිනේරුවෙක් සමත් වී තිබූ බව පසුගිය දවස් වල අපට දැනගන්න ලැබුණි.
ඔහු විසින් නිපදවූ රසායනික ද්‍රව්‍ය පැකට්ටුවකට වතුර ලීටර 1 ක් මිශ්‍රකර තම නිවස සහ ඊට අවට පරිසරයේ වර්ග අඩි 1000 පමණ ප්‍රදේශයක තැන්පත් කළ හැකිය. එම මිශ්‍රණයේ ඇති සුවඳට මදුරුවන් ආකාර්ෂණය වී බිත්තර දැමීමට පැමිණෙන අතර ඔවුන් රසායනික මිශ්‍රණයට දමන බිත්තර ක්ෂණිකව දියවී යන බව මෙම පරිසර විද්‍යා ඉංජිනේරුවා වන කොලොන්නේ.ඒ.විජේරත්න මහතා පවසයි.
ඒ වගේම ඩෙංගු, කහ උණ හා සිකා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝගවලට එරෙහිව සටන් කිරීමට ඉතාමත් වෙනස් ආකාරයේ ක්‍රමවේදයක් සොයාගෙන තිබෙන බව විද්‍යාඥයෝ විශ්වාස කරති . ඒ, පිරිමි මදුරුවන් බිහිරි කරවීමෙන් සංසර්ගයට හා ප්‍රජනනයට බාධා කරවීම තුලින්ය.

ඩෙංගු උණ යනු ඩෙංගු වෛරසය හේතුවෙන් ඇති වන උග්‍ර කෘමි බෝවන රෝගයක් වන අතර ඊඩිස් මදුරුවා මිනිසාට දෂ්ට කිරීමෙන් සම්ප්‍රේෂණය වේ.බෝවන රෝගය මූලික වශයෙන් නිවර්තන සහ උපනිවර්තන කලාපවල, විශේෂයෙන් අග්නිදිග ආසියාවේ, බටහිර පැසිෆික් කලාපය, ඇමරිකාව, නැගෙනහිර මධ්‍යධරණී මුහුද සහ අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන බව පැහැදිලිව සදහන් වේ.
මැලේරියාව හා ශ්‍රී ලංකාව වර්තමාන තුල සිටින්නේ එය නැවත හිස ඔසොවන්නට ඉඩ නොදී වලක්වාගැනීමේ අදියරය තුලය. ඒ අතරමදුරුවන්ගෙන් බෝවන තවත් රෝගයක් වන ඩෙංගු රෝගය මේ වන විට ශ්‍රී ලංකාව දැඩි සෞඛ්‍ය තර්ජනයක්ව පවතී.
මෙම රෝග වැලැක්වීම සදහා වූ වඩාත් ඵලදායී පියවර නම් කෘමිනාශක ප්‍රතිකාර කර දැල් භාවිතා කිරීම ,ආසාදිත මදුරුවන් දෂ්ඨ කිරීමෙන් වැළකී සිටීම, ළදරැවන් හා ගැබිනි මවුවරුන් සදහා වැලැක්වීමේ ප්‍රතිකාර භාවිතා කිරීම හා නිවාස අවට අවශේෂ ඉසීම වැනි දේවල් කිරීමය.නමුත් උප සහරා අප්‍රිකාව වැනි දැඩි පීඩාවට පත් පරිසර වල මදුරුවන් බෝ වීම මුලිනුපුටා දැමීමේ පියවරයන් අසීරු අභියෝග බවට පත්ව ඇත.
Reference-
· https://www.worldmosquitoprogram.org/world-mosquito-day
· https://www.nationaldaycalendar.com/international/world-mosquito-day-august-20
· https://isid.org/world-mosquito-day/
· https://www.mosquito.org/pr-tools/world-mosquito-day/
· https://www.cdc.gov/parasites/features/world-mosquito-day.html