උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ශේශාධි
උඩවලව ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මුවන්පැලැස්ස වැවට කිසියම් අයෙකුගේ මැදිහත් වීමෙන් ආක්‍රමණශීලි නෙළුම් විශේෂයක් ව්‍යාප්ත කොට ඇති බව වාර්තා වේ.
උද්‍යානය භාර නිලධාරීන් ඇතුළු පිරිසක් ඉකුත්දා මේ බව නිරීක්ෂණය කොට ඇති අතර ඔවුන් සඳහන් කළේ මෙය ආක්‍රමණශීලි ලක්ෂණ පෙන්නුම් කරමින් ව්‍යාප්ත වන බවය.
මේ සම්බන්ධයෙන් උද්‍යානය භාර නිලධාරීන් විශේෂ පරිෂණයක් සිදු කරන බවද සඳහන් වේ.
බැලු බැල්මටම මේ ශාක විශේෂය මෙරට ව්‍යාප්තව ඇති දේශීය සුදු නෙළුම් විශේෂයට සමාන බවක් දිස් වුවද එය නිරීක්ෂණය කළ විට විදේශයන්හි ආක්‍රමණශීලි ලක්ෂණ සහිතව ව්‍යාප්ත වන නෙලුම් විශේෂයක් බවද ඔවුහු සඳහන් කරති.
මේ විශේෂය දැනටමත් මේ වැව් පිටියේ සැළකිය යුතු ප්‍රදේශයක ව්‍යාප්තව ඇති අතර එය ජලය අඩු ස්ථානවල පවා හොඳින් වැඩෙන බවක් නිරීක්ෂණය වී ඇත.