වනාන්තර විනාශය පෘථිවියට බොහෝ අහිතකර බලපෑම් ඇති කරනු ලබයි. මෙම වනාන්තර විනාශය බොහෝ විට සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතු වෙනි. එහෙත් යම් අවස්ථාවන්හිදී ස්වභාවිකව ඇතිවන ක්‍රියාවලීන් හේතුවෙන්ද වන විනාශය සිදුවෙයි. කෙසේ වෙතත් මිනිස් ක්‍රියාකාරකම් තුළින් සිදුවන වන විනාශයට රජයේ නිසි නියාමනයක් නොමැතිකම හේතුවෙන් මේ වන විට වන විනාශය සීඝ්‍ර වශයෙන් සිදුවෙමින් පවතී.

වන විනාශයෙන් සිදුවන බලපෑම් ගත් කළ සැලකිය යුතු බලපෑමක් එල්ල වන්නේ කෘෂිකර්මාන්තයටයි.
ඒ කෙසේ දෙයත් වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය අඩු වීම, පාංශු ඛාදනය නරක අතට හැරීම, විෂම ජල චක්‍රයක් නිර්මාණය වීම සහ දේශගුණික විපර්යාස මගින් කෘෂිකර්මාන්තයට දැඩි බාධා ඇති කරයි. මේ සියල්ල බෝග අස්වැන්න සහ ආහාර සුරක්ෂිතතාවයට අහිතකර ලෙස බලපායි.
විශේෂයෙන් ම සෝයා සහ පාම් තෙල් වැනි බෝග ව්‍යාප්තිය සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම මෙම ගැටළු තවදුරටත් උග්‍ර අතට පත් කරයි. උදාහරණයක් වශයෙන් පාම් තෙල් පිළිබඳ සඳහන් කිරීමේදී පාම් තෙල් ලබා ගනුයේ තෙල් පාම් ගස්වල වගා කරන පලතුරු වලිනි. 1990 දශකයේ අග භාගයේ සිට පාම් තෙල් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර එවකට ඉන්දුනීසියාව ලොව ඉහළම පාම් තෙල් නිෂ්පාදකයා බවට පත් ව තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පාම් තෙල් සඳහා ඇති ඉල්ලුම වැඩිවෙමින් පැවති අතර එය ඉන්දුනීසියාවේ වැසි වනාන්තර විනාශයට ප්‍රධාන හේතුවක් වී තිබේ.

එසේ නම් දැන් අප වන විනාශය මගින් කෘෂිකර්මාන්තයට එල්ල කරන ලද බලපෑම් වෙන් වෙන්ම විමසා බලමු.
· වගා කළ හැකි භූමි ප්‍රමාණය අඩුවීම:
වන විනාශය ආහාර බෝග වගා කිරීම සඳහා ඇති ඉඩම් ප්‍රමාණය සෘජුවම අඩු කරයි. එබැවින් බෝග වගා කිරීම සඳහා ඇති ඉඩකඩ සීමා වෙයි.
· පාංශු ඛාදනය:
ගස් ඉවත් කිරීම සුළඟින් හා වර්ෂාවෙන් පස ඛාදනයට ලක් කරයි. එමඟින් මතුපිට පස් හා පෝෂ්‍ය පදාර්ථ අහිමි වන අතර එමඟින් බෝග වගා කිරීම දුෂ්කර වේ.
· ජල චක්‍රය වෙනස් වීම් වලට ලක් වීම:
වර්ෂාපතනය සහ බෝග වගාවට ජල ලබා ගැනීමේ දී වනාන්තර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. වනාන්තර විනාශය මගින් වර්ෂාපතනය අක්‍රමවත්ව සිදු වන අතර, සමහර ප්‍රදේශවලට නියඟ සහ තවත් සමහර ප්‍රදේශවලට ගංවතුර අවධානම් ඇති කරයි. එය බෝග අස්වැන්න කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි.
· ජෛව විවිධත්වය අහිමි වීම:
වන විනාශය මගින් ස්වභාවික සත්ව වාසස්ථාන විනාශ කරන වන අතර, සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති සහ ඔරොත්තු දෙන කෘෂිකාර්මික පද්ධති පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ශාක හා සත්ව විශේෂ අඩුවීමට හේතු වේ.
· පළිබෝධ සහ රෝග පැතිරීම වැඩි වීම:
ජෛව විවිධත්වය අහිමි වීම තුළ බෝගවලට පළිබෝධ සහ රෝග වලට වඩාත් ගොදුරු විය හැකි අතර එය බෝග නිෂ්පාදනයට සෘජුවම බලපායි.
· ආහාර සුරක්ෂිතතා ගැටළු:
ගස් මුල් සමඟ පස එකට තබා ගැනීමෙන් සහ වැටුණු කොළ සහ මිය ගිය ශාක හරහා පෝෂ්‍ය පදාර්ථ එකතු කිරීමෙන් පස නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. ගස් නොමැතිව පස ලිහිල් වේ, පහසුවෙන් ඛාදනය වන අතර එහි පෝෂ්‍ය පදාර්ථ නැති වේ. මෙය බෝග වගා කිරීමට අපහසු වන අතර එමඟින් අස්වැන්න අඩු වේ.
මෙලෙස බෝග අස්වැන්න අඩුවීමට, ආහාර ලබා ගැනීමේ හැකියාව අඩුවීමට සහ පවතින ආහාර මිල ඉහළ යාමට හේතු විය හැකි අතර, විශේෂයෙන් කෘෂිකර්මාන්තය මත දැඩි ලෙස යැපෙන ප්‍රජාවන් හට ආහාර හිඟයක් පවා ඇති කළ හැකිය.
ඒ අනුව පැහැදිලි වනුයේ විවිධ අරමුණු සඳහා වනාන්තර විශාල ප්‍රදේශ එළිපෙහෙළි කිරීමේ ක්‍රියාවලිය මගින් කෘෂිකර්මාන්තයට දිගුකාලීන බලපෑම් ඇති කරනු ලබන බවයි.