Back to Blog

දින ගණනාවක ප්‍රයත්නයකින් පසු මානාභරනට ප්‍රතිකාර සිදුකරයි

Editor
දින ගණනාවක ප්‍රයත්නයකින් පසු මානාභරනට ප්‍රතිකාර සිදුකරයි

Elephant Journey

සතියකට පමණ පෙර සිට කාසිකොටේ ගැටදිවුල හා පාලුකඩවල ආශ්‍රිතව දී මානාභරන ඇතාට ප්‍රතිකාර කිරීමට නිකවැරටිය පශු වෛද්‍ය ඒකකය උත්සාහ කළ නමුත් ඇතාගේ හැසිරීම් රටාව නිසා සියල්ල ව්‍යර්ථ වී ගියේය.

නමුත් අද දින උදෑසන නිකවැරටිය පශු වෛද්‍ය ඒකකය හා ගල්ගමුව වනජීවී නිලධාරීන් එක්ව කණ්ඩායම් කිහිපයක් ම යොදවා ස්ථාන පරීක්ෂා කළ අතර ම ඇතා රංචුව සමඟ අද දින පැමිණි නිසා ඒ අවස්ථාවේ නිර්වින්දන එන්නත් කරගැනීම සිදු කරගැනීමට නිලධාරීන්ට හැකිවිය. ඉන්පසු ගැටදිවුල රක්ෂිතය තුළදී වෛද්‍ය ඉසුරු මහතා විසින් ඇතා පරීක්ෂා කර ප්‍රතිකාර කරනු ලැබීය.

සියලු දෙනා නොඉවසිල්ලෙන් බලා සිටියේ ඇතාගේ ප්‍රතිකාර කෙරෙන තුරුයි. ඇතාගේ පාදයේ තිබූ ගෙඩියද ප්‍රතිකාර කිරීමට පෙර සිටම පුපුරා ගොස් තිබුණා. යම් තරමක ඇවිදීමේ පහසු බවක් පෙනෙන්නට ඇති නමුත් ඉදිරියේදී තත්වය බලා අවශ්‍ය නම් නැවත ඉසුරු මහතා ප්‍රතිකාර කරනු ඇත.

ඇතා සෙවීමේ සිට සහාය දුන් ගම්වාසීන්ට සහ වනජීවී නිලධාරින්ට ඇතුළු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමු.