Back to Blog

දැදුරු ඔයේ දැදුරු නයා අල්ලන්න අපූරු තරගයක්

Editor
දැදුරු ඔයේ දැදුරු නයා අල්ලන්න අපූරු තරගයක්

ජුඩ් සමන්ත

LLLF Media Team

දැදුරඔය තුළ ව්‍යාප්ත වෙමින් පවතින “දැදුරු නයා” හෙවත් “ජයන්ට් ස්නේක් හෙඩ්” නම් මත්ස්‍යා බිලි පිති උපයෝගී කර ගෙන ඇල්ලීමේ තරගයක් පැවැත්වීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය,ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ලබන 20 වැනිදා අළුයම 5.00 සිය දහවල් 1.00 දක්වා දැදුරුඔය ජලාශයේ “නාටියා පාලම” ආසන්නයේදී මෙම තරගය පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.

මසුන් ඇල්ලීම සදහා බිලි පිති පමණක් භාවිතා කළ යුතු අතර,දැල් හෝ වෙනත් ධීවර ආම්පන්න භාවිතා කිරීමට හැකියාවක් නැත.යම් ආකාරයකට තරගකරුවන් භාවිතා කරන බිලී පිති වලට දැදරු නයා හැර වෙනත් මසුන් අසුවුව හොත් එම සතුන් ආරක්ෂිතව ආපසු මුදා හැරීම තරගකරුවන් විසින් සිදු කළ යුතු වේ.අල්ලා ගන්නා මසුන් බෙදා ගැනීමේ හැකියාවද තරගකරුවන්ට නොමැති බව සංවිධායකයින් සදහන් කරයි.

දහවල් 1.00 වන විට වැඩිම මසුන් ප්‍රමාණයක් අල්ලා ගන්නා තරගකරුවන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇත.ඒ අනුව ප්‍රථම ස්ථානය සදහා රුපියල් 25,000 ක්,දෙවන ස්ථානයට රුපියල් 15,000 ක් සහ තෙවැනි ස්ථානයට රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක් හිමි වනවා ඇත.ඊට අමතරව සම්මාන 10 ක් ප්‍රදානය කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇත. ජයග්‍රහාකයින් තෝරා ගණු ලබන්නේ අල්ලා ගන්නා මසුන් ප්‍රමාණය අනුව මිස බර අනුව නොවන බව සංවිධායක මණ්ඩලය සදහන් කරයි.

දැදුරුඔය තුළ මේ වන විට සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ස්වදේශීය මසුන්ට තර්ජනයක් විය හැකි බවට හදුනා ගෙන ඇති දැදුරු නයා හෙවත්, ජයන්ට් ස්නේක් හෙඩ් නම් මත්ස්‍යයින් ආරක්ෂිතව පරිසරයෙන් ඉවත් කිරීම මෙම තරගය පැවැත්වීමේ අරමුණ බව සංවිධායකයින් සදහන් කරයි.එමෙන්ම ආක්‍රමණශීලී මසුන් පිළිබදව ජනතාව දැණුවත් කිරීමටද සංවිධායකින් මෙහිදී කටයුතු සුදානම් කර ඇත.

තරගයට සහභාගි වන අය 076 3834369 අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගැනීමට හැකි බවද සංවිධායකයින් සදහන් කරයි.