රජයේ බැංකු සේවයෙන් විශ්‍රාම ලැබූ පසු ඉතිරි ජීවිත කාලය කායික හා මානසිකව නිදහසේ ගත කිරීම සඳහාත්, පීඩාකාරී නාගරික පරිසරයෙන් බැහැර නිස්කලංක පෙදසකින්, අතේ ඇති මුදලට ගැළපෙන කුඩා බිම් කොටසක් මිලදීගෙන මානසික සහනදායි සොබාදහම් හරිත පරිසරයක ජීවත්වීම කලක සිට හිතේ මුල් බැසගත් සිතිවිල්ලක්.

මෙම සිතිවිල්ල යථාර්ථයක් කර ගැනීමට වෙර දැරුවේ 2021 වසරේ අග භාගයේදී ව්‍යාපෘතියට නමකුත් දාගත්ත “ගෙවත්ත සමග වන උයන” (Home Garden with Forest Garden ) ගෙවත්තේ බිම් ප්‍රමාණය පර්. 30 ක් වන අතර, (Home Garden) වන උයන (Forest Garden) පර් 40ක්, ගෙවත්තේ පොල්, කෙසෙල්, පලතුරු වර්ග වගා කරන ලද අතර එහි පොඩියට ගෙපැලක් ද ව්‍යාපෘතියට අවශ්‍ය ජල විදුලි යටිතල පහසුකම් සම්පූර්ණ කර ගන්නා ලදී.

ව්‍යාපෘති බල ප්‍රදේශය වියළි කලාපයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කීරික්කුලම /යහලේගම ගම් සීමාවයි. අනුරාධපුර නගර සීමාවට 7 නප කි. ඊළඟ ප්‍රයත්නය පැල සොයා ගැනීමයි. පැල තවාන්වලින්ද, සහෝදර සහෝදරයින්, යහලු යෙහෙලියන් ඥාතීන්ගේ ලැබුනු සහයෝගය නොතිබෙන්නට මුලු ලංකාවටම අදාල පැල සපයාගැනීම ගැටලුවක් වීමට ඉඩ තිබුණා. අරමුණ මෙහි ස්ථාපිත කරන්නේ කුඩා කැලයක් (Mini forest) බැවින් ගස් සිටුවීම ස්වභාවික කැලයක මෙන් ලඟ ලඟ අපිලිවෙලකට සිදුවිය යුතුය. ගස් අතර පරතරය තබාගැනීමට සිටුවන ශාකයේ විශාලත්වය සැලකිල්ලට ගන්නා ලදී.
කෙසේ වෙතත් 4★3★2 (ඉතා විශාල වන ශාක 2ක පරතරය අඩි 8 පමණ තබාගනී) පරතරය යොදා ගන්නා ලද අතර වැල් වර්ග සිටුවීමේදී මිටත් ලඟ පරතරයක් තබාගන්නා ලදී.
ගස් වර්ග තෝරා ගැනීමේදී, ලංකාවට ආවේණික ඒකදේශික ශාක (Endemic pl), වදවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක (Theatened pl), ඌන භාවිත වන පලතුරු වර්ග (wild fruits) ඖෂදීය වටිනාකම් ඇති ශාක (Medicinal pts), දැවමය වටිනාකමක් ඇති ශාක (Timber value plants), ගෙවතු අලංකාරය කරන මල් පිපෙන (Garden pls) යනාදී ලෙස හා පදුරු හා වැල් වර්ග ද ලෙස නිවර්තන වනාන්තරයක පවතින දේශීය විදේශීය ශාක ගොන්නක් වගාකිරීමට වෙර දැරිමි.
ශාක වල විශාලත්වය හා උස හා විවිධත්වය සැලකීමේදී නිවර්තන වැසි වනාන්තරයක ස්ථර වෙන්වීමද බලාපොරොත්තු විය හැක. (Kanopi layer" වියන් ස්තරය, ). මේ වනවිට ගත් උත්සාහයට අවු 3 කට අධික කාලයක් ගතවී ඇති අතර සුන්දර වනයක් නිර්මාණය වෙමින් පවතී.

ලංකාවේ ජනතාව වාසය කරන ඉඩම් වල ප්‍රමාණය ක්‍රමයෙන් කුඩාවීගෙන ගියත් තවමත් සැලකිය යුතු පිරිසකගේ පදිංචි ඉඩම් සාපේක්ෂව විශාල වන අතර, කුඩා වන ලැහැබක් සදහා පර් 1, 2 සිට වැඩි ප්‍රමාණයක් වෙන්කර ගැනීම අපහසු නැත. පර් 1කින් 2කින් උවත් ශාක 30, 80 ක් පමණ සිටුවිය හැකි නිසා තමන්ගේම ගෙවත්තේ (Mini forest) එකක් සාදා ගත හැකි බව මගේ හැගීමයි. එසේම වගා කල නොහැකි රජයේ ශුෂ්ක ඉඩම් කුට්ටි කර වන වගාවක් කිරීමට කැමති ජනතාවට ලබාදිය හැක.
මෙවැනි concept එකක් මගින් ඉහත දක්වන ලද ශාක වර්ග සංරක්ෂණය කරගත හැකිවීම, අධ්‍යාපනය ලබන සිසුන් හා ජනතාව දැනුවත් කිරීම මෙන්ම වනස්පතියක සුන්දරත්වය අත්විඳින ගමන්ම ඉන් ලබාගතහැකි සියලුම ප්‍රතිලාභ ලබාගත හැකිය. මෙම වන උයනේ බහුතර ශාක වර්ග අතුරින් මෙම වගාව තුල සංරක්ෂණය වී ඇති ශාක වර්ග කිහිපයක් පහත දක්වමි.
ඇටඹ (Mangifera zeylanica), කලුමැදිරිය (Diospyros oppositifolia), කටුලොවි (Prunus ceylanica), යකඩමරං, (Syzygium zeylanicam) කොතල හිඹුටු (Salacia raticulat), හොර (Dipterocarpus Zeylanicus), වීර, (Lepisanthes rubigµnosa) පලු (Manilkara hexandra), මසං (Zizµphns mauritiana), ගල් සියඹලා, (Dialium indum) ඇඹුල් පේර (Wild guawa - Psidium guinee nse sw), බයෝබැබ්, (Adansonia digitata - SOUTHERN Africanca) රත් හදුන්, (Pteropus santalinus) දවුල් කුරුදු, (Neolitsea cassia) wild jack (Artocapus heterophyllus&), (ඉන්දීය), මරූලා (Sclerocarya birrea - southern Africa) වල්දෙල් (Artocarpus nobilis) කලුවර (Diospyros ebenum), කැටඹිල්ල (Dovyalis hebecarpa - Ceylon Gooseberry) මැහොගනි, (Swietenia macrophyllae) ඇත් දෙඹට, (Gemlina arborea) මොර, (Dimocarpus longan) නැදුන් (Pexicopsis mooniana) මාදං (Syzygium cumini)), උගුරැස්ස (Flacourtia indica) ගිරිතිල්ලා වැල් (Argyreia papulifolia), ගොන් කරපිංචා (Clausena indica), යකිනාරං (Gymnema sylvestne) ජැකරැන්ඩා (Jacaranda mimosifolia) මස්බැද්ද (Gymnema sylvestne) බෝල්පනා (Glycosmis angustifolia) හැලඹ (Mitragyna parvifolia) නියද ( Sansavieria zeylanica ) කිරිවල්ල (Holarrhenamitis) නීතියදුන් (shorea dyeri) හීං ඇඹිල්ල (Wild cherry) තිඹිරි (Diospyros malabaraica )
LLLF Media Team
සරත් වික්‍රමසිංහ