Back to Blog

අසත්‍ය තොරතුරක් පිළිබඳ වනජීවි දෙපාර්තමේන්තුවෙන් සටහනක්

Editor
අසත්‍ය තොරතුරක් පිළිබඳ වනජීවි දෙපාර්තමේන්තුවෙන් සටහනක්

ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ Thirupullani අසළ Sethukkarai වෙරළට මුහුදු ඌරෙකුගේ (Sea Dugong) මළ සිරුරක් 2025.09.19 දින ගොඩ ගසා තිබෙනවා. එම සත්වයා වයස අවුරුදු 8-9 වන බවටත්, බර 300kg පමණ වන ගැහැනු සතකු වන බවටත් The Hindu පුවත්පත වාර්තා කර තිබෙනවා. තවද, මෙම මරණය එම සත්වයා ගල්වල ගැටීමකින් හෝ රෝගයක් හේතුවෙන් සිදු වී ඇති බවට ඉන්දියානු වනජීවී නිලධාරීන් සැක පහල කර ඇතත්, මිය යාමට සත්‍ය හේතුව මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වනු ඇතයි එම නිලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීමක් බවට සමාජ මාධ්‍ය තුළ විවිධ ප්‍රචාරයන් සංසරණය වෙනවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන බවටත්, ශ්‍රී ලංකාවේ එවැනි සිදුවීමක් සිදුවී නොමැති බවටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙයින් අවධාරණය කර සිටිනවා