Back to Blog

කංසා වගා කිරීම සදහා රක්ෂිත භූමියක් එළි කෙරූ පිරිසක් දැලේ

Editor
කංසා වගා කිරීම සදහා රක්ෂිත භූමියක් එළි කෙරූ පිරිසක් දැලේ

Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙනි...

යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01 ප්‍රදේශයේ දී පසුගිය (01) දින සිදුකළ මුර සංචාරයක් අතරතුරදෙයියන්ගේ වැව ප්‍රදේශයේ භූමිය එළි කරන පුද්ගලයින් පිරිසක් නිරීක්ෂණය වූ අතර එහිදී වනජීවී නිලධාරීන් එම සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින් එම ස්ථානයේ රැඳී සිටියා. පිරිස කංසා වගා කිරීම සඳහා රක්ෂිත භූමිය එළිකරන බවටත් ඔවුන් සන්තකයේ ගිණි අවි තිබෙන බවටත් නිරීක්ෂණය වුණා. ඒ වන විට අක්කර කාලක පමණ ප්‍රමාණයක් එළි කර තිබුණි.

සුදුසු අවස්ථාව පැමිණි විගස වහා ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. එම සැකකරුවන් සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක්, වියළි මුව මස් කිලෝ 1.5 ක්, කම්බිවලින් සකසන ලද මදු , ගංජා වගා කිරීම සඳහා යොදාගත් උපකරණ ඇතුළු ගංජා බීජ අත්අඩංගුවට ගැනුණි.

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ 02 දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණි. මෙම වැටලීම යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරුගේ උපදෙස් අනුව වනසත්ව අඩවි සහකාර ජී.ඩී.ප්‍රසාද් ගුණරත්න, වනජීවී නියාමක එච්.එල්.ඒ.කුමාර ජයරංග, ඩී.ජී. රවින්ද්‍ර කුමාර ,ටී.ජී.සරත් කුමාර, ක්ෂේත්‍ර සහයක ජේ.එම්.චමින්ද කුමාර, යූ.ජී.එස්.ප්‍රියංක, එච්.සමන්ත, රුවන් හර්ෂ යන වනජීවී නිලධාරීන් විසින් සිදුකරන ලදී.