Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙන්
වනජීවී නිලධාරීන් විසින් අද උදෑසන කරන ලද සෝදිසි මෙහෙයුමකදී මද්දකට හසු වී ගවයකු මිය ගිය බව දක්නට ලැබුණා. ඒ පිළිබඳව වැඩිදුර සොයා යාමේදී එම ප්‍රදේශයේ තවදුරටත් මදු අටවා ඇති බව දක්නට ලැබුණා.

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ මෙලෙස අටවා තිබූ මදු 20ක් පමණ දකුණ වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වනජීවී නිලධාරින් විසින් ඊයේ (25) දින ගලවා ඉවත් කළා. උඩ වැව සිට කිලෝමීටරයක් පමණ රක්ෂිතය තුළට වන්නට සමෘද්ධි වැවත් උඩ වැවත් අතර මෙලෙස මදු අටවා තිබුණා. එක ළඟ මදු 2 - 3 පමණ අටවා ඇති බව වනජීවී නිලධාරීන්ට නිරීක්ෂණය වූ අතර මදු සඳහා ත්‍රීවිලර් කේබල් යොදාගෙන තිබෙන බව තවදුරටත් දක්නට ලැබුණා. මෙම සෝදිසි මෙහෙයුම සහ මදු ඉවත් කිරීම දකුණ වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක දිනේෂ් ඉරෝෂන් මහතා සහ විදුලිවැට නඩත්තු සේවකයන් විසින් සිදු කළා.

වන සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් මෙලෙස මදු අටවන්නත් පිළිබඳ ව තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කඩිනමින් ලබා දෙන්නේනම් මදු අටවන්නන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත් , වන සතුන් රැසකගේ ජීවිත ආරක්ෂා කර ගැනීමටත් හැකි වන බැවින් 1992 හදිසි දුරකථන අංකයට හෝ ළඟ ම පිහිටි වනජීවී කාර්යාලය වෙත ලබා දෙන මෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.