Back to Blog

කරදරකාරී ලෙස හැසිරුණු කළු වඳුරෙකු නිර්වින්දනය කර අල්ලා ගනී

Editor
කරදරකාරී ලෙස හැසිරුණු කළු වඳුරෙකු නිර්වින්දනය කර අල්ලා ගනී

ගාල්ල කරන්දෙණිය බන්දුල සේනාධීර ප්‍රාථමික විදුහල හා ඒ අවට ප්‍රදේශවාසීන්ට දීර්ඝ කාලයක සිට කරදරකාරී ලෙස හැසිරුණු කළු වඳුරෙකු පසුගිය ( 22 ) දින වනජීවී නිලධාරීන් විසින් නිර්වින්දනය කර අල්ලා ගෙන තිබුණි.

No photo description available.

මෙම වඳුරා කරන්දෙණිය ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් හා පාසල් දරුවන් සපා කෑමට උත්සාහ දරමින් ද එම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ 60කට ආසන්න ප්‍රමාණයකට හානි කරමින් ද පීඩාකාරී ලෙස හැසිරී තිබුණි. ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් ව සිටියදී මාදුගඟ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ මැදිහත්වීමෙන් බෙල්ලන්විල අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් වඳුරා නිර්වින්දනය කර අල්ලා ගැනීමට කටයුතු කළා. මෙම අවස්ථාවට පශු වෛද්‍ය නිලධාරී කළනි සමරකෝන් මහත්මිය , වනසත්ව අඩවි සහකාර මාධව එම්. කුඹුකගේ , වනසත්ව නියාමක ඩී.ජී සුමිත් චන්දන , ක්ෂේත්‍ර සහයක ටී.පී.ආර්.එස් කුමාර , රියැදුරු ඩබ්.ඩී කපිල සහ මාදුගඟ වනජීවී අඩවියේ වනසත්ව නියාමක එල්.එම්.ජී.ඒ සම්පත් සහ බෝට්ටු ක්‍රියාකරු මාලිංග අමරතුංග යන නිලධාරීන් සම්බන්ධ වුණි.

May be an image of 1 person, slow loris and kinkajou

කළු වඳුරා semnopithecus vetulus ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී යාමේ තර්ජනයට ලක් වූ ජීවී විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවේ කළු ගඟට උතුරින් සහ දකුණින් වන පහතරට වැසි වනාන්තරවල ජීවත් වන අතර ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් ඔවුන්ගේ වාසස්ථාන දැඩි ලෙස විනාශයට පත් වීමෙන් මෙලෙස ජනාවාස වලට පැමිණීමට පුරුදු වී තිබේ. උස් තුරු මුදුන්වල ජීවත් වෙමින් උඩුවියන් ස්ථරයේ ළපටි දළු කොළ ආහාරයට ගනිමින් ජීවත් වන මොවුන් ඵල හා බීජ ව්‍යාප්තිය සඳහා දක්වන දායකත්වය ඉතා ඉහළයි. මානව විද්‍යාව පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයන කටයුතුවලදී ඉතා වැදගත් ජීවී කාණ්ඩයක් ලෙස කළු වඳුරා සැලකිය හැකි. මිනිසා සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උනන්දුවක් නො දැක්වුව ද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කළු වඳුරා මෙලෙස ඇතැම් අවස්ථාවලදී ගැටුම් ඇතිකර ගැනීමට පෙලඹෙන බව පෙනී තිබේ.