Back to Blog

යාල කලාප අංක 01 බුතව වැව ප්‍රදේශයේ මද්දකට පාදය හසුවූ අලි පැටවකු හමුවේ

Editor
යාල කලාප අංක 01 බුතව වැව ප්‍රදේශයේ මද්දකට පාදය හසුවූ අලි පැටවකු හමුවේ

Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙන්...

යාල කලාප අංක 01 බුතව වැව ප්‍රදේශයේ මද්දකට පාදය හසුවූ අලි පැටවකු සිටින බවට යාල උද්‍යාන භාරකරුගේ දැනුම්දීම අනුව පෙරේදා ( 27 ) දින වනජීවී පශු වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදුනි.

May be an image of elephant and rhinoceros

අලි පැටවාගේ පාදය දැඩි ලෙස තුවාල වී තිබූ අතර පැටවා නිර්වින්දනය කිරීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර සිදුකෙරුණි. මදුවලට හසුවීමෙන් මෙවන් වනසතුන් දැඩි ලෙස වේදනාවට ලක් වන අතර එම සතා මද්දට හසු වූ විගස නිලධාරින්ට නිරීක්ෂණය නොවන අතර

එම නිසා මෙවන් නීති විරෝධී කටයුතුවල යෙදෙන්නන් නීතියේ රැහැනට හසු කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු 1992 හදිසි දුරකථනයට ලබාදෙන ලෙස ඉල්ලා සිටී.

May be an image of elephant and rhinoceros

මෙම කාර්යය සඳහා වනජීවි පශු වෛද්‍ය කේ.ධම්මි මහත්මිය ඇතුළු ලුණුගම්වෙහෙර සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ වනජීවී නිලධාරීන් සම්බන්ධ වුණි.