හෝමාගම , පනාගොඩ ලේනගල වත්ත ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක කානුවක් තුළ සිරිවී සිටි මුව පැටවෙකු පසුගිය 20 දින බෙල්ලන්විල , අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ වනජීවී නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයකින් පසුව බේරාගැනුණි.

සුනඛයන් විසින් මුව පැටවා පසුපස හඹා යාමෙිදි මුව පැටවා අදාළ ආයතනයේ අපද්‍රව්‍ය බැහැර කරන විශාල කාණුවකට රිංගා ඇති අතර එහි සිරවූ පැටවා දැඟලීමේදී තව තවත්කාණුව තුළ සිර වී තිබුණී.
එම ආයතනයේ කාර්ය මණ්ඩලයේ සහාය ද ඇතිව වනජීවී නිලධාරීන් විසින් මුව පැටවා නිර්වින්දනය කර බේරා ගැනිමෙන් පසුව අත්තිඩිය රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙනවිත්මුව පැටවාට අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර සිදුකොට තිබේ.

පසුගිය 20 දින බෙල්ලන්විල , අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරකට අනුව වනජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේද්‍ර මහතාගේ මූලිකත්වයෙන් වනසත්ත්ව අඩවි ආරක්ෂක කේ.එචි.කමල් ලලිත් පීරිස් මහතාගේ මෙහෙයවීමෙන්
වනසත්ත්ව අඩවි සහකාර එරන්ද රත්නායක, වනජීවී නියාමක ඩි.ජි.සුමිත් ඇතුළු රියදුරු ඩබ්.ඩී.දේශාන් යන වනජීවී නිලධාරීන් විසින් පැටවා මුදා ගැනිම සිදුකෙරුණී.