Back to Blog

අටවන ලද මදු 200ක් වනජීවි බාරයට

Editor
අටවන ලද මදු 200ක් වනජීවි බාරයට

Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙන් ...

පසුගිය අගෝස්තු මස 25 සහ 26 දෙදින දි දකුණ වනජීවී කලාපයට අයත් හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතයේ වනජිවි නිලධාරීන් සිදුකළ මුර සංචාරවලදී සතුන් දඩයම් කිරීම සඳහා මදු අටවා තිබෙන බවට නිරීක්ෂණය වූ බැවින් දකුණ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සමෘද්ධි වැව හා උඩවැව ප්‍රදේශවල මදු ඉවත් කිරීමේ කටයුතු සිදුකරන ලදී.

May be an image of 12 people and text that says "LANKA I LONDO 2012"

මෙලෙස මදු අටවන්නන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් වැටලීම් සහ මුර සංචාර නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

ඒහිදි මදු 200ක් පමණ ඉවත් කිරීමට හැකි වූ අතර මෙම කාර්යය දකුණ වනජීවී කලාපයේ සහකාර අධ්‍යක්ෂගේ උපදෙස් පරිදි වනසත්ව අඩවි ආරක්ෂක බී.යූ.ඩී.ඉරෝෂණ මහතාගේ මෙහෙයවීමෙන් දකුණ වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකරන ලදී.