Back to jobs

LLLF Regional Reporter Network

Sri Lanka
Posted July 15, 2025

අපගේ පුවත් වාර්තාකරණය සඳහා පහත සඳහන් මාර්ගෝපදේශයන් පිළිපැදීම අත්‍යවශ්‍ය වේ. මෙය ප්‍රධාන මෙන්ම තුන් කොටස් තුලින් වෙන් කර ඇත:

1. පුවතක් තේරීම සඳහා ප්‍රධාන නිර්ණායක:

  • පුවතක් යනු "ගොසිප්" එකක් නොව, සත්‍ය තොරතුරු සහිත, ජනතාවට වැදගත් වාර්තාවක් විය යුතුය.
  • වාර්තාකරණයේදී සාධාරණව, නිවැරදිව සහ නිරපේක්ෂව ක්‍රියා කරන්න.
  • ව්‍යාකූලත්වය ඇති කරන පරස්පර ප්‍රකාශ වලින් වළකින්න.
  • වාක්‍ය නිවැරදිව, පැහැදිළිව ලියන්න.

2. දත්ත රැස් කිරීම සහ භාෂාව

  • ඔබ සපයන තොරතුරු වල මූලාශ්‍ර පැහැදිලිව හඳුන්වා දෙන්න. එම තොරතුරු ලබාගත් ආකාරය සහ ඒවා විශ්වාසදායකදැයි තහවුරු කරන්න.
  • තොරතුරු ප්‍රමාණවත් විය යුතු අතර විශ්වාසදායක මූලාශ්‍ර වලින් ලබාගත් බවට සහතික විය යුතුය.
  • ජාතිවාදී, ලිංගික හෝ වෙනත් ආකාරයෙන් අවිශ්වාසවන්ත, අසභ්‍ය හෝ අගතික භාෂාවන් භාවිතය වලක්වන්න.
  • පුවත සඳහා භාවිතා කරන රූප සහ වීඩියෝ සඳහා වගකිව යුතු විස්තර ලබාදෙන්න.
  • හැකි සෑම අවස්ථාවකම ස්ථානයට පිවිස, සෘජු නිරීක්ෂණය කිරීම වඩාත් උචිතය.
  • සත්ව හා ශාක සම්බන්ධ පුවත් සඳහා විශ්වාසදායක විද්‍යාත්මක මූලාශ්‍ර හෝ විශේෂඥයන්ගේ අදහස් ලබා ගැනීමට උත්සාහ කරන්න.

ප්‍රවෘත්ි වාර්තාකරණතේ දී සදාචාරාත්මක සලකා බැලීම්

  • කිසිදු පාර්ශ්වයක් අනිවාර්ය විවේචනයට ලක් නොකළ යුතුය.
  • යම් මාධ්‍ය ආයතනයකින් හෝ වාර්තාකරුවෙකු විසින් ප්‍රකාශයට පත් කරන ලද පුවතක් නැවත භාවිත කරන විට, එහි මුල් අයිතිකරු සහ කතෘභාවය අවබෝධ කර තහවුරු කළ යුතුය.
  • අපි සෑම විටම “අපට කළ හැක්කේ මෙතෙක් පමණි” යන මූලධර්මය සලකා ක්‍රියා කළ යුතුය.
  • පාරිසරික ගැටළුවක් සම්බන්ධව වාර්තා කරන විට, විසඳුමක් සෙවීමට අවශ්‍ය නම් නීතිමය මාර්ගයන් පමණක් භාවිතා කරන්න.
  • පක්ෂග්‍රාහීත්වයෙන් වලකී සියලු දෘෂ්ටිමකෝණ ඉදිරිපත් කරන්න.
  • පුද්ගලයකුගේ නම භාවිත කරන විට එහි සත්‍යභාවය සහ විස්තරවල නිරවද්‍යතාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.

-----------------------------------------------

  • ප්‍රවෘත්ති වාර්තාවක් ලියීම යනු කුතුහලය, විනය සහ වගකීම සහ විශ්වාසනීයත්වයෙන් යුතුව ලියන ලද වාර්තාවකි. නිවැරදි මාතෘකාව තෝරාගැනීමේ සිට සිංස්කරණය කිරීම දක්වා, සෑම පියවරක්ම වාර්තාවේ විශ්වාසනීයත්වයට මහත් දායක වනු ඇත.
  • පාරිසරික පුවත් වාර්තා කිරීම වඩාත් ගුණාත්මක සහ ආකර්ශනීය අයුරින් සිදු කිරීම සඳහා ඉහත සඳහන් උපදෙස් පිළිපදින්නැයි අපි ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
  • අප සමඟ සේවයට එක්වීමට කැමති ඔබ, පහත සඳහන් විස්තර සම්පුර්ණ කර ඇති අයදුම්පත්‍රයක් අප වෙත එවන්න: සම්පූර්ණ නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය, ඊමේල් ලිපිනය, දුරකථන අංකය, ග්‍රාම නිලධාරී ව්‍යාප්තය, රැකියාව, ඔබ කළමනාකරණය කරන ප්‍රදේශය, ඔබ පුවත් වාර්තාකරණය කළ ඇත්නම් එය පිළිබඳ විස්තර, ඔබ පරිසර ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව කටයුතු කර ඇතිනම් එය පිළිබඳ විස්තර.

Apply for this job

We'll get back to you within 2-3 business days.